( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
හලාවත මුහුදු බඩ මාර්ගයෙ ඉරණවිල පාලම මතදි ජිප් රථයක යතුරු පැදියක් ගැටීමේන් තරුණයකු මරණයට පත්ව ඇති බව තොඩුවාව පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ මාදම්පේ පුක්කුලම පදිංචි කුසල් තිවංක නැමති 30 හැවිරිදි තරුණයකු බව කියයි.
මෙම අනතුර ඉරණවිල මෝය හරහා ඉදි කර ඇති පාලම මතදි සිදුව ඇති බවත් මරණයට පත්ව ඇත්තේ යතුරු පැදියෙ ගමන් ගත් තරුණයා බව කියයි.
මරණයට පත් තරුණයා යතුරු පැදියකින් ඉරණවිල සිට මහවැව දෙසට ගමන් කරමින් සිටියදී ප්‍රති විරුද්ධ දිශාවෙන් පැමිණි ජීප් රථයේ ගැටි බරපතල ලෙස අනතුර ලක්වි හලාවත මහ රෝහලට ඇතුලත් කිරීමේන් පසු මරණයට පත්ව ඇති බව කියයි.
අනතුර සම්බන්දයෙන් ජීප් රථයෙ රියදුරා පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර සිද්දිය සම්බන්ධව තොඩුවාව පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.