(ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)
ලිඳුල, බෙයාවිල් ප්‍රදේශයේදී පාසල් බස් රථයක් සහ පාසල් ළමුන් රැගෙන යමින් තිබූ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් අද(07) සිදු වූ අනතුරින් තුවාල ලැබූ සිසුවියන් තිදෙනෙකු සහ ත්‍රිරෝද රථ රියැදුරා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.
බරපතල තුවාල ලබා සිටි ත්‍රිරෝද රථ රියදුරා වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහල වෙත මාරු කර යැවූ බව ලිඳුල රෝහලේ වෛද්‍යවරු පැවසූහ.
අනතුරින් තුවාල ලබා ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන්ගත් සිසුවියෝය.
තලවාකැලේ සිට නුවරඑළිය දෙසට පාසල් ළමයින් රැගෙන ධාවනය කරමින් තිබූ ත්‍රිරෝද රථය, ලිඳුල සිට තලවාකැලේ නගරය දක්වා ගමන් කරමින් තිබූ පාසල් බස් රථයේ ගැටී අනතුර සිදුව තිබේ. පාසල් බස් රථය වාහනයක් ඉස්සර කරමින්, ඉදිරියට ධාවනය කිරීමේදී ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රිරෝද රථයේ ගැටී අනතුර සිදුව ඇත.
බස් රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් බව, අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන ලිඳුල පොලිසිය පවසයි.



2025 දෙසැම්බර් මස 04
40
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
341
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
359
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රිය අනතුරකින් සිසුවියෝ තිදෙනෙක් රෝහලේ