ඕස්ට්‍රේලියාවේ බයිරන් බොක්කේ දී අවුරුදු 50ක් වයසැති පුද්ගලයකු මෝරකුගේ ප්‍රහාරයට ලක්ව මියගියේය.
පෝල් විල්ෆොක්ස් නම් මොහු බ්‍රිතාන්‍යයේ තොරතුරු තාක්ෂණ නිලධාරියෙකි. බ්‍රිතාන්‍යෙය් වර්වික්ෂයර් ප්‍රාන්ත වැසියෙකි. මෝරාගේ ප්‍රහාරයට ගොදුරු වූ ඔහු නොගැඹුරු මුහුදේ පාවෙමින් සිටි බව ඇසින් දුටුවෝ කියති. පිහිනමින් සිටි අයකු විසින් ඔහු වෙරළට ගෙන ආව ද මියගොස් සිටියේය. අවුරුදු 10ක සිට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටියි. මෝරාගේ ප්‍රහාරය සිදුවන අවස්ථාවේ විල්ෆොක්ස්ගේ බිරිඳ ද වෙරළේ සිටියාය.
ඕස්ට්‍රේලියා බලධාරීන් වහාම මේ වෙරළ තීරය වසා දැමීමට කටයුතු කරන ලදී. පැය 24ක කාලයක් යනතුරු කිසිවකුට මුහුදට නොබසින ලෙස නිවේදනය කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සැප ලැබේවා! (නි)