(පද්මා කුමාරී කංකානම්ගේ )
ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධීව ප්‍රවාහනය කරමින් තිබූ, රුපියල් ලක්ෂ 65ක් පමණ වටිනා, බීඩි කොළ කිලෝ 1157ක් කල්පිටිය ඔඩක්කාරතීව් දූපත ආසන්න කළපුවේදී කල්පිටිය විජය නාවුක හමුදාව අද(19) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම බීඩී කොළ තොගය සමඟ ඒවා ප්‍රවාහනයටයොදාගත් ධීවර යාත්‍රාවක්, එන්ජිම සහ සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඅඩංගුවට ගෙන ඇත.
බීඩි කොළ තොගය බහාලුම් 38 ක අසුරා තීබී ඇත.
සැකකරුවෝ කල්පිටියේ පදිංචි වයස අවුරුදු 30, 35 අතර අය වෙති.
බීඩී කොළ තොගය, සින්නපාඩුව රේගු දෙපාර්තුමේන්තුවේ ප්‍රාදේශිය කාර්යාලය වෙත භාර දී ඇත .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd