(ක.ග. කරුණාරත්න)
රාජකාරී කටයුත්තක් සඳහා ගොස් ආපසු සිය සේවා ස්ථානය බලා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි වනජීවී නිලධාරියෙකු පොලොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ ගල්ලෑල්ල ප්‍රදේශයේදී නවතා තිබූ ලොරියක යතුරු පැදිය ගැටී සිදුවූ අනතුරකින් අද(27) අළුයම මියගොස් ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි.
එම අනතුරින් මියගොස් ඇත්තේ පොලොන්නරුව, දියබෙදුම පදිංචි 40 හැවිරිදි එක්දරු පියෙකු වන පල්ලේකඩලගේ සුගත් ප්‍රේමරත්න නැමැති වනජීවී ක්‍ෂෙත්‍ර සහායකවරයෙකි.
මොහු ඇතුලු 06 දෙනෙකුගෙන් යුත් වනජීවී නිලධාරින් කණ්ඩායමක් මනම්පිටියේ පිහිටි වනජීවී කාර්යාලයේ සිට රාජකාරි කටයුත්තක් සඳහා යතුරු පැදිවලින් ගොස් ආපසු එමින් සිටියදී මේ අනතුර සිදුවී තිබෙන බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඊයේ (26) රාත්‍රී 11.50ට පමණ සිදුවී ඇති මෙම අනතුරින් බරපතල තුවාල ලබා සිටි වනජීවී නිලධාරියා ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව රෝගියා පරීක්‍ෂාකල වෛද්‍යවරු ප්‍රාකාශ කර ඇත.
පොලොන්නරුව පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
219
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොරි - යතුරුපැදි අනතුරින් අයෙක් ජීවිතක්ෂයට