IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගසක් කඩා වැටී පාසල් සිසුවියකට තුවාල

(හේමලතා ඩී හේවගේ)                             

දංකොටුව කිරිමැටියාන - පොතුවටවන මාර්ගයේ මඩවලපිටිය මංසන්ධිය ආසන්නයේ පිහිටි විශාල නුග ගසක් මාර්ගය මතට කඩා වැටීමෙන් එම ගස ආසන්නයෙන් ගමන්ගත් පාසල් සිසුවියක් තුවාල ලබා අද (14) මාරවිල මූලික රෝහලට ඇතුළත්කර ඇතිබව කොස්වත්ත පොලිසිය පවසයි.

පොතුවටවන මහා විද්‍යාලයේ 11වන ශ්‍රේණියේ ඉගෙනුම  මෙම සිසුවිය පාසලේ පැවති උපකාරක පන්තියකට සහභාගි වී තවත් සිසුවියන් තිදෙනෙකු සමඟ නිවෙස්බලා යන අතරතුරදී මෙම අනතුර සිදුව ඇතිබව පොලිසිය කියයි.

අධික වර්ෂාවත් සමඟ හමාගිය දැඩි සුළං තත්වය හේතුවෙන් උතුරු හාල්දඩුවන සහ බටහිර කහටවිල ග්‍රාම සේවා වසම් තුළ නිවාස පහකට හා දේපලවලට අර්ධහානි  සහ අතුරු ප‍්‍රධාන මාර්ග කිහිපයක් මතට ගස්කඩා වැටී ඇතිබව දංකොටුව ප‍්‍රාදේශීය ලේකම් ඩිලාන් ගුණරත්න මහතා පැවසීය.     

මේ හේතුවෙන් එම මාර්ගවල ගමනා ගමනයද සම්පූර්ණයෙන්ම ඇණහිටි ඇති බව පොලිසිය පැවසීය.

කොස්වත්ත පොලිසිය සහ ප‍්‍රදේශවාසින් මාර්ගවලට කඩා වැටී ඇති ගස් ඉවත්කිරීමේ වැඩකටයුතු ආරම්භ කර ඇති බව පොලිසිය කීය. 

                                                                                                                                              



අදහස් (0)

ගසක් කඩා වැටී පාසල් සිසුවියකට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 17 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 600 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site