( ඩී.ජී.සුගතපාල)
පොල්ගෙඩි 15ක් සොරකම් කිරිම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවන් දෙදෙනෙකු එක් අයෙකු රුපියල් ලක්ෂය බැගින්වු ශරිර ඇපයක් මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (10) නියෝග කලේය.
මෙසේ ඇපමත මුදා හරනු ලැබුවේ බූස්ස පදිංචි 20 හැවිරිදි සහ 23 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.
ඉකුත් මැයි 31වනදින බුස්ස ප්‍රදේශයේ ඉඩමකින් රුපියල් 1400ක් පමණ වටිනා පොල්ගෙඩි 15ක් සොරකම් කිරිම සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලක් අනුව පරික්ෂණ පැවැත්වු පොලිසිය සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත.
රත්ගම පොලිසියේ උප පොලිස් පරික්ෂක දේවසිංහ මහතා විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවාට හිනා යනවා
එතකොට හෙජින් ගිවිසුම, මහ බැංකු කොල්ලය, හෙක්ටයාර් 3,000 ක ගස් කැපීම, සිනි බදු වංචාව, ආදී වංචාවල් පොල් ගෙඩි 15 සොරකම තරම් දරුණු නැතිව ඇති.
පොල් හොරකමේ යන්නේ නැතුව මහ බැංකුව වගේ දෙයක් සුද්ධ කලා නම් මෙහෙම වෙන්නැ