IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කිලෝ දෙකක කේරළ ගංජා සමඟ දෙදෙනෙක් අල්ලයි

 

(එල්. ජව්ෆරකාන්)
 
කුරුණෑගල සිට මඩකලපුවට  කිලෝ දෙකක  කේරලා ගංජා තොගයක්   රැගෙන  ආ පුද්ගලයින් දෙදෙනෙකු මඩකලපුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් පුද්ගලයන් සතුව තිබී  කිලෝ දෙකක ගංජා,  ජංගම දුරකථනය සහ  ඔවුන් පැමිණි වාහනය පොලිසිය බාරයට ගෙන ඇත.
 
මඩකලපුව පොලිසියට ලැබුණු  රහසිගත තොරතුරකට අනුව  මඩකලපුව පොලිස් කොස්තාපල්වරුන් කණ්ඩායමක් මඩකලපුව කොළඹ  ප්‍රධාන  මාර්ගයේ සත්තුරු කොන්ඩාන්හිදී  කළ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
 
ඔවුන් පැමිණ  වාහනය   පොලිස් ස්ථානයට  රැගෙන ඒමෙන් පසු සුනඛයින් යොදා පරීක්ෂා කිරීමේදී ආසනය යට මිලිග්‍රෑම්  500ක ආදර්ශ ගංජා පැකට් සොයාගත් බව පොලිසිය  පැවසීය. 
 
අත්අඩංගුවට ගත් සැකකරුවෝ  කුරුණෑගල  මල්කඩුවාව  ප්‍රදේශයේ  පදිංචි  30 සහ 38 අතර වයස්වල පුද්ගලයෝ වෙති.
  
ඔවුන් සතුව තුබූ ගංජා යාපනය සිට පැමිණි  එක් පුද්ගලයෙකු විසින් ඔවුන්ට විකුණූ බවත්   ඒවා මඩකලපුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට  විකිණීම සදහා  ගෙන ආ බවත් පොලිස් මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇත.
 
අත්අඩංගුවට ගත් පුද්ගලයින්  මඩකලපුව  මහේස්ත්‍රාත්  අධිකරණයට  ඉදිරිපත් කිරීමට නියමිතය.
 
මඩකලපුව  මුලස්ථාන පොලිසිය මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ  පවත්වයි.

 



අදහස් (0)

කිලෝ දෙකක කේරළ ගංජා සමඟ දෙදෙනෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 91 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 890 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site