IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ඝාතන දෙකක් ඇතුළු අපරාධ 20 කට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට

(තුසිත කුමාර ද සිල්වා)

විශ්‍රාමික පොලිස් සැරයන්වරයෙකු ඇතුළු තවත් පුද්ගල ඝාතන දෙකකට සහ  අපරාධ විස්සක් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු   බේරුවල අක්කර 80 ප්‍රදේශයේ  සැගව සිටි යදී  අද  (14 ) අත්අඩංගුවට ගත් බව කියයි .

සැකකරු ඉකුත් අගෝස්තු මාසයේ පයාගලදී ආසන්නතම මිනිස් ඝාතනය සිදුකර ඇති අතර වසර කිහිපයකට ඉහතදී පයාගල පොලිස් වසම තුළ දී ම විශ්‍රාමික පොලිස් සැරයන් වරයෙක් හා ගම්පහ යක්කල දී කාන්තාවක් ඝාතනයකර ව්‍යාජ හැඳුනුම්පතක් භාවිත කර මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු මංකොල්ලකෑම් ,ගෙවල් බිඳීම් , රන් ආභරණ , යතුරු පැදි සහ මුදල් පැහැරගැනීම් ඇතුළු විවිධ අපරාධ සිදුකර ප්‍රදේශයෙන් ප්‍රදේශයට පලාගොස් සිටි බවට තොරතුරු අනාවරණය කරගෙන තිබු බව පොලීසිය කියයි.

 සැකකරු අත්අඩංගුවට ගැනීමේදී ඝාතනයට යොදාගත් තියුණු උල් ආයුධයක් සහ ජීව අත්බෝම්බයක් සන්තකයේ තිබී පොලිස් නිලධාරීන් භාරයට ගත් බව කියයි .

පයාගලදී අගෝස්තු මාසේ ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මෘත දේහය ඔවුනගේ නිවසට පවා ගෙන ඒමට එම නිවැසියන් ඝාතකයාට බිය වී සිටි බවට පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි ද පොලිසිය සදහන් ක‌ේළ්ය .
සැකකරු මෙම කාලය තුළදී අවස්ථා කිහිපයක රුපියල් දස ලක්ෂ පනස් දහසකට ආසන්න මුදලක් සොරකම් කර ඇතැයිද විවාහ දෙකක් සිදු කර ඇති බවත් පළමු විවාහයේ බිරිඳගේ මව වන කාන්තාව යක්කල ප්‍රදේශයේ දී ඝාතනය කර ඇත්තේ ද සැකකරු බවත් මෙම අපරාධ සිදු කර වෙනත් පුද්ගලයෙකු ලෙස පෙනී සිටින්නට කොළඹ බොරැල්ල ප්‍රදේශයේ ලිපිනයක් සඳහන් ව්‍යාජ හැඳුනුම්පතක් භාවිත කර ඇති බවත් සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එම හැඳුනුම්පත ද සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් බවත්  පොලීසියකියයි.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ න් පොලිස් නිලධාරීන් කළ සොයා බැලීමේදී එවැනි හැඳුනුම්පතක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කර නොමැති බවත් එම දෙපාර්තමේන්තුව පොලිසියට දන්වා තිබෙන බව කියයි.

සැකකරු 2006 වසරේ අප්‍රියල් 18දින අධිකරණයෙපැවැත්වෙන නඩු විභාගයකට රැගෙන විත් සිටියදී කළුතර අධිකරණ භූමියේදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළාගොස් ඇති අයකු බවත් විමර්ශන සිදුකරන නිලධාරීන් කීහ .
අත්අඩංගුවට සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .

 



අදහස් (0)

ඝාතන දෙකක් ඇතුළු අපරාධ 20 කට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 172 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 370 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 380 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site