(එම්. කේ. නන්දසේන)
කතරගම ඒකාබද්ධ වෙළඳ සංගමය සහ ප්‍රදේශවාසී ජනතාව එක්ව ඊයේ(28) කතරගම නගරය පුරා කළු කොඩි ඔසවා ආරම්භ කළ හර්තාල් විරෝධතාව අද(29) දෙවන දිනටත් ක්‍රියාත්මක වේ.
කතරගම පුජාභූමිය තුළට අසීමිත ලෙස වාහන ඇතුළු කිරීම, විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවෙමින් පැවතීම යනාදී කරුණු රැසකට විරෝධය දක්වමින් මෙම හර්තාල් විරෝධය ක්‍රියාත්මක කළද ඊට විසඳුම් ලබාදීමට සඳහා බුද්ධ ශාසන අමාත්‍යාංශය හෝ වෙනත් වගකිවයුතු ආයතනයක් ඉදිරිපත් නොවීම හේතුවෙන් අද(29) දිනයේද එය පැවැත්වීමට වෙළඳ ප්‍රජාව කටයුතු කළහ.
මෙවන් අතිපූජනීය නගරයක ගැටලුවක් විනාඩි කීපයක් තුළ ඉතා පහසුවෙන් විසඳුම් ලබාදිය හැකිවුවද වගකිව යුතු ආයතන නිහඬව පසුවීම පිළිබඳ තමා මවිතයට පත්වන්නේ යැයි කතරගම ඒකාබද්ධ වෙළඳ සංගමයේ සභාපති එච්. ආර්. කේ. ගයාන් සම්පත් මහතා පැවසීය. මෙම පුද බිම ආරක්ෂා නොකර විනාශවී යාමට අනුබල දෙන සෑම වගකිව යුත්තෙකුම දේව ශාපයට ලක්වන බවද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS
පහුගිය දවස්වල පුවත් පළවුනා විකෘර්ති කරනලද මුදල් විශාල ප්‍රමාණයක් කතරගම දේවාලේ තුළ පිං කැටවල තියනවා කියලා. ඒ අයවලුන් දේව ශාපයට ලක්වන්නේ නැද්ද? මේගොල්ලෝ මේ කෑගහන්නේ සම්තින් එක අප්සට් ගිහිල්ලා වගේ. දේවාල භුමිය තුල කඩ නැහැනේද?