IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගණිත ගුරුවරයා ඉල්ලා ගලේවෙල පාසලක විරෝධතාවක්

       

( මොහොමඩ් බුහාර්ඩින්)

ගලේවෙල සිල්වත්ගල මහා විදුහලේ  ගණිත ගුරුවරයා හදිසියේ මාරු කිරීමට විරෝධය දක්වා පාසල් සිසුන් හා මව්පියන් පිරිසක්  විදුහල ඉදිරිපිට අද (03) උදෑසන  විරෝධතාවක නිරත වුහ.

ගලේවෙල කැකිරාව ප‍්‍රධාන මාර්ගයේ සිල්වත්ගල මංසන්ධිය මාර්ගය අවහිර කරමින් ගුරුවරයා නැවත පාසලට ලබා දෙන මෙන් අධ්‍යාපන බලධාරීන්ට  බල කරමින් සිසුන්ගේ මව්පියන් හා සිසුන් මෙම විරෝධතාවට එක්ව සිටියහ.

පාසැල් ළමුන් දෙමාපියන් සිය විදුහල ඉදිරිපිට වු ගලේවෙල කැකිරාව ප‍්‍රධාන මාර්ගය අවහිර වන සේ සිටිමින් විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් කියා සිටියේ විදුහලේ සිටි ගණිත ගුරුවරයා හදිසියේම වෙනත් විදුහලකට මාරු කිරිම නිසා විදුහලේ සිසුන්ගේ අධ්‍යාපනයට දැඩි ලෙස බලපෑමක් ඇති වන බවයි.

පැයකට ආසන්න කාලයක් පැවති මෙම විරෝධතාව හේතුවෙන්  ගලේවෙල කැකිරාව ප‍්‍රධාන මාර්ගයේ ගමනා ගමනය මුළු මනින්ම ඇන හිටි අතර පසුව ගලේවෙල පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක විතානආරච්චි මහතා මැදිහත්ව මව්පියන් හා  සාකච්ඡා කර එම තත්ත්වය සමථයකට පත් කිරීමට කටයුතු කළේය.

අනතුරුව ගලේවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නයෝමි හෙට්ටිආරච්චි මහත්මියගේ උපදෙස් මත එම ස්ථානයට පැමිණ සහකාර අධ්‍යක්ෂකවරයා මව්පියන්ට මේ පිළිබඳව පැහැදිළිකර දී සාධාරණ විසඳුමක් ලබා දෙන බව පැවසීමෙන් පසු විරෝධතාකරුවෝ විසිර ගියහ.



අදහස් (0)

ගණිත ගුරුවරයා ඉල්ලා ගලේවෙල පාසලක විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site