IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මාඔයේ ගිය රියදුරු උපදේශකගේ සිරුර දින හතරකට පසු හමුවෙයි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

සිය මවගේ හත්දින දාන පිංකමට සහභාගිවීමට යමින් සිටියදී පසුගිය 16 වැනිදා දහවල්  මාඔයේ මදුරුපිටිය සපත්තු පාලමේදී සැඩ පහරට අසුව ගසාගෙන ගිය රියදුරු උපදේශකවරයාගේ දේහය දින හතරකට පසු ගිරිඋල්ල පාලම ආසන්නයේ උණ පදුරක් රැදී තිබියදී හමුවූ බව මීරිගම පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ ලෝලුවාගොඩ ප්‍රදේශයේ රියදුරු පාසලක අධිපතිවරයා වූ අඹේපුස්ස මොට්ටෑවවත්තේ විසූ ඒ. අමරසිංහ 60 නැමති තිදරු පියකි. සොයා ගැනුනු මළ සිරු බෙහෙවින් නරක්වී ඇති බවද එහි කොටස් සතුන් විසින් කා දමා ඇති බවද පොලිසිය කියයි.

රියදුරු උපදේශකවරයා මෙම අනතුරට පත්ව ඇත්තේ සපත්තු පාලමේ අඩියක් පමණ ඉහළින් ජලකඳ වසා තිබෙන අවස්ථාවේ පාලමෙන් එගොඩ වීමට උත්සාහ ගත් අවස්ථාවේධී බව පොලිස් පරීක්ෂණවලදී හෙලිවී තිබිණි.

ජලයේ ගසාගෙන ගිය පුද්ගලයා හා යතුරු පැදිය සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් යොදවා පරීක්ෂණ පැවැත්වූ අතර අනතුර සිදුවූ ස්ථානයට ආසන්නයේ තිබී යතුරු පැදි දෙකක් පසුගිය 18 සවස සොයා ගනු ලැබීය. ඉන් එක් පැදියක් අතුරුදන් අය ගමන් කළ බව හෙලිවී ඇත. අනෙක් යතුරු පැදිය පෙර අවස්ථාවකදී අනතුරට පත්වූ අයෙකුගේ එකක් බවට පොලිසිය සැක කරයි.

 



අදහස් (0)

මාඔයේ ගිය රියදුරු උපදේශකගේ සිරුර දින හතරකට පසු හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site