IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගම්පහ කුඩු මුදලාලි අල්ලයි

(තිලකරත්න දිසානායක)

ගම්පහ ප්‍රදේශයට කුඩු බෙදන බවට සැකකරන ගම්පහ යූ.සී.වත්තේ කොණ්ඩය පැය හයක මෙහෙයුමකින් පසු අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිසිය කියයි.

මොහු ගම්පහ ප්‍රදේශයේ හෙරොයින් බෙදා හැරීම සිදු කරන බවට තොරතුරු ලැබී තිබියදී ගම්පහ විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරු විජයාරාම පාරේදී අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ හෙරොයින් ග්‍රෑම් 4 මිලි ග්‍රෑම් 500 ක ප්‍රමාණයක් සන්තකයෙහි තිබූ බව පොලීසිය පවසයි.

ගම්පහ කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර සහ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බිනුර රණසිංහ මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් විසින් සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (1)

ගම්පහ කුඩු මුදලාලි අල්ලයි

Pradeep Tuesday, 21 September 2021 05:17 PM

එතකොට අර මීගමුවේ කුඩු මුදලාලිව කවද්ද අල්ලන්නේ..?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site