(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාර්ලිමේන්තු විශේෂ ආරක්ෂණ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයකු යතුරු පැදියෙන් ගමන් කරද්දි මොරගහහේන බෙරුකැටිය ප්‍රදේශයේදී ටිපර් රථයකට යට වී මියගොස් ඇතැයි මොරගහහේන පොලිසිය කියයි
අනතුරින් මියගොස් ඇත්තේ පානම දකූණු පානම චානක ලක්ෂාණ් අබේසේකර (28) නමැති අයෙකි.
මහරගම සිට මොරගහහෙන දෙසට සිය යතුරු පැදියෙන් ගමන් ගත් කොස්තාපල්වරයාගේ යතුරු පැදිය බෙරුකැටිය ප්‍රදේශයේදී එකවරම මාර්ගය මැද නතර වී ඇති අතර ඉදිරියෙන් පැමිණි ටිපර් රථය යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි
අනතුර සිදු වූ වහාම කොස්තාපල්වරයා හොරණ මූලික රෝහලට ඇතුළත් ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී පැය කීපයකට පසු මියගොස් තිබූ බව පොලිස් නිලධාරියකු පැවැසීය
අනතුර වන අවස්ථාවේදී පොලිස් කොස්තාපල්වරයා ඇල්පිටිය ප්‍රදේශයේ සිය පෙම්වතියගේ නිවෙසට යමින් සිට ඇතැයි විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිසිය කියයි
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
366
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
යතුරු පැදි අනතුරින් කොස්තාපල් මරුට