වැලිකන්ද කරපොළ දෙමළ දරුවන් සිව්දෙනකු සසුනට පූජා කළ පියකු වන සිත්තරවේලි සුන්දරලිංගම් (56) හිසට සෙවණක් නොමැතිව මහමග ඇවිදියි.
ඔහුගේ බිරිය වන කන්දකුට්ටි කමලපූර්ණී (44) සිය නිවස හා ඉඩම උකසට තබා වසර දෙකකට පෙර සෞදියට ගොස් ඇති බවත් මාස 7ක සිට ඇය පිළිබඳ කිසිදු තොරතුරක් නැති බවත් සුන්දරලිංගම් පවසයි.
ඉඩම හා නිවස සින්න වූ පසු දෙනෙත් පෙනීමේ දුර්වලතාවයෙන් පෙළෙන සුන්දරලිංගම් තම දරුවන් සිව්දෙනා දිඹුලාගම ආරණ්‍ය සේනාසනයටත්, පොළොන්නරුව නව නගරයේ අසරණ සරණ සුගත විශාඛාරාමයටත් පූජා කළේය.
ධම්මදේවාලංකාර (16), ධම්මසේනාලංකාර (14), ධම්මදීපාලංකාර (10) හිමිවරු සහ විදාතාදේවානි සිල්මාතාව එසේ පැවිදිවූ ඔහුගේ දරුවෝ වෙති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd