IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අනවසර විදුලි රැහැනක පැටලී පුද්ගලයෙක් මරුට

(නවරත්න සමරතුංග)

වන සතුන්ගෙන් කුඹුර ආරක්ෂා කර ගැනීම සඳහා අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක පැටලී අද(17) පුද්ගල‍යකු මිය ‍ගොස් ඇති බව මධ්‍යමකඳවුර පොලීසිය පවසයි.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ කොළඹ තන්ත්‍රිගේ සිරිපාල නැමති 16/150 ලිපිනයේ පදිංචි අයෙකි. 

ඒ අනුව වල් ඌරන් වැනි වන සතුන්ගෙන් කුඹුර ආරක්ෂා කර ගැනීමට ප්‍රධාන පාරේ සිට මීටර් 250 පමණ දුරට ආවරණය කල වයරයකින් අනවසර විදුලිය ලබාගෙන එහි අග කොටස නිරාවරණය කල බකට් කම්බියකට සම්බන්ධ කර තිබි ඇත.

අලුයම් කාලයේ මොහු පිටව යද්දී මෙසේ විදුලි රැහැනේ පැටලීමෙන් එම ස්ථානයේම ඇදවැටී මියගොස් ඇති අතර පෙරවරු 10 30 ට පමණ ඔහුගේ මිත්‍රයා විසින් දැක ඒ බව පොලීසියට දැනුම්දීඇත.

මෘතදේහය අද  සවස් වන තුරුම එම ස්ථානයේ පොලිස් ආරක්ෂාව මත තැන්පත් කර තිබුණ අතර මේ සම්බන්ධව අම්පාර අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සහ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බවත් මධ්‍යමකඳවුර පොලීසිය පවසයි.
 
අම්පාර කොට්ඨාශය භාර පොලිස් අධීකාරී ජයන්ත රත්නායක මහතාගේ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරි පී.එම්.ජයරත්න මහතාගේ උපදෙස් අනුව මධ්‍යමකදවුර පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පත්මසිරි මහතාගේ මෙහෙයැවීමෙන් අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රත්නායක මහතා ඇතුළු නිලධාරීහූ පරීක්ෂන පවත්වති.   



අදහස් (0)

අනවසර විදුලි රැහැනක පැටලී පුද්ගලයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 41 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site