IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නිධන් හාරමින් සිටි සිව්දෙනකු අත්අඩංගුවට

(ඩී.කේ.රත්න )
 
වැල්ලවාය කොටවෙහෙරගල පුරාණ විහාරස්ථානය පිටුපස ඇළ ප‍්‍රදේශයේ ගල් තලාවක නිධන් හාරමින් සිටි කට්ටඩියෙකු ඇතුලූ පුද්ගලයින් සිව්දෙනෙකු අද (9) අලුයම අත්අඩංගුවට ගෙන ඇතයි වැල්ලවාය පොලීසිය පවසයි.
 
වැල්ලවාය කොටවෙහෙගල ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52ක පුද්ගලයෙකු , වත්තල හැදල පදිංචි වයස අවුරුදු 46ක පුද්ගලයෙකු, පස්සර ගෝනගල පදිංචි වයස අවුරුදු 43ක පුද්ගලයෙකු හා පස්සර ගමේවෙල පදිංචි වයස අවුරුදු 37ක පුද්ගලයෙකු වැල්ලවාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
නිදන් හෑරීමට උපයෝගී කර ගනු ලැබූ අලවංගුවක්, උදැල්ලක්, පුහුල් ගෙඩියක්, කහවතුර බෝතලයක්, දෙහිගෙඩි විසි එකක්, බුලත් කොළ තිහක් සහ ගිරයක්ද මොවුන් අත්අඩංගුවට ගනු ලබන අවස්ථාවේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරKයට ඉදිරිපත් කිරීමට නියමිතය.

වැල්ලවාය පොලීසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.



අදහස් (0)

නිධන් හාරමින් සිටි සිව්දෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site