එෆ්.අස්ලම්
පවතින අයහපත් තත්වය මැද ආර්ථික අපහසුතාවලට මුහුණ දී සිටින දුගී පවුල් 1500ක් වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ඇතුළත් වියළි සලාක බෙදා දීමක් බදුල්ල මුස්ලිම් සංවිධාන කිහිපයක් එක්ව පිහිටුවා ගත් ස්වෙච්ඡා බලකාය මගින් අද(28) සිදුකෙරිණි.
කඳුකර මුස්ලිම් කවුන්සලය ප්‍රමුඛ බදුල්ල තරුණ මුස්ලිම් සංගමය, බදුල්ල ජම්මියාතුල් උලමා සංගමය, උමේඩා සංගමය , අල් ඡන්නත් තරුණ සංගමය, බ/ ෆාතිමා මුස්ලිම් කාන්තා විදුහලේ පාසල් සංවර්ධන සමිතිය එක්ව කටයුත්ත සිදුකළහ.
මේ අනුව බදුල්ල දිස්ත්‍රීක්කයේ බදුල්ල, පස්සර,ලුණුගල.උඩවෙල ,හපුතලේ,තල්දෙන, මහියංගන පංගර ගම්මාන බණ්ඩාරවෙල ජාති ආගම් භේදය තොරව ආර්ථික අපහසුතාවලින් පෙලෙන පවුල් 1500ක් සදහා අත්‍යවශ්‍ය ආහාර අඩංගු සහන මලු බෙදා දෙනු ලැබීය.
එමෙන්ම ඌව පලාත් සෞඛ්‍ය ලේකම් අනිල් විජේසිරි මහතාගේත් බදුල්ල ප්‍රාදේශීය ලේකම් ප්‍රමුඛ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මෙන්ම බදුල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතාගේ සහායෙන් හදුනාගත් පවුල් 1500ක් සදහා සහන බෙදා දුන් බව කදුකර මුස්ලිම් කවුන්සිලයේ සභාපති ඒ.එම්.එම් මුසම්මිල් මහතා පැවසීය.
එමෙන්ම ස්වෙච්ඡා සංවිධානය ඌව පාළාතේ අනිවාර්ය නීරෝධායනය සදහා යොමුකරන පවුල් සදහා අවශ්‍ය ආහාර සහ අනෙකුත් සියළු පහසුකම් අඛණ්ඩව සැලසීමට ද පියවර ගෙන තිබේ.
එමෙන්ම කොරෝනා ප්‍රතිකාර ඒකකයේ කාර්ය මණ්ඩලයට සහ කොරෝනා මර්ධන වැඩපිළිවෙලට දායක සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා නොමිලයේ ප්‍රවාහන පහසුකම් සැලසීමටද මෙම සංවිධානය කැමත්ත පලකර ඇති අතර පළාත් සෞඛ්‍ය බලධාරීන් එයට එකගත්වයද පලකර තිබේ.




2025 දෙසැම්බර් මස 16
81
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
878
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ෆයිට් කොරෝනා ස්වෙච්ඡා බළකායෙන් දුගී පවුල් 1500කට සහන