
(ක.ග. කරුණාරත්න)
පාසැල නිමවී සිය නිවෙස බලා යමින් සිටි 12 හැවිරිදි පාසැල් සිසුවියක අද (11) පොළොන්නරුව - හබරණ ප්‍රධාන මාර්ගයේ ගිරිතලේ ප්‍රදේශයේදී ලොරියක ගැටී මරුමුවට පත්වී ඇතැයි මින්නේරිය පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ පොළොන්නරුව රාජකීය මහා විද්‍යාලයේ 7 ශේණියේ ඉගෙනුම ලබන ගිරිතලේ ජනපදය, බෝගහදමන අංක 42 ලිපිනයේ පදිංචි එම්.ගඟුලි සෞන්දර්යා රාජපක්‍ෂ නැමැති සිසුවියයි.
ඇය තවත් ළමුන් පිරිසක් සමඟ පාසැල් පාසැල් බස් රියකින් පැමිණ ඉන් බැස නිවෙස දෙසට යායුතු මාර්ගයට පිවිසීම සඳහා ප්‍රධාන මාර්ගය හරහා මාරුවෙමින් සිටියදී ප්‍රධාන මාර්ගයේ පැමිණි ලොරි රථයෙක ගැටී තිබෙන බව පොලීසිය සිදුකළ විමර්ශනවලදි අනාවරණයවී තිබේ.
අනතුරින් බරපතල තුවාල ලබා සිටි දැරිය රෝහල් ගතකරන අවස්ථාව වනවිටත් මියගොස් සිටි බවද පොලීසිය සඳහන් කළේය.
මින්නේරිය පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd