(කුෂාන් ජයවර්ධන)
රුපියල් ලක්ෂ දෙකකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ දිවි හම් දෙකක් බවට අනුමාන කෙරෙන සත්ත්ව හම් දෙකක් පොලිස් උපාය දූතයකු යොදවා අත්අඩංගුවට ගත් බව ඉපලෝගම පොලිසිය පවසයි.
කලා වැවේ වැව් බැම්ම මත දී අදාළ දිවිහම් දෙක හා සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉපලෝගම පොලිස් ස්ථානයේ දූශණ මර්දන අංශයට ලද තොරතුරක් අනුව ඒවා විකීණීමට රැගෙන ආ අවස්ථාවේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වැටලීමක් සිදුකර සැකකරු හා කොටි හම් දෙක අත්අඩංගුවට ගෙන තිබේ.
දිව හම් බවට අනුමාන කෙරෙන එම හම් දෙක මල්ලක බහා ඒ මත එළවලූ අසුරා එළවලූ මල්ලක් ප‍්‍රවාහණය කරන අයුරින් සැකකරු ත‍්‍රී රෝද රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් එක් සත්ව හමක් දිග අඩි හතර හමාරකට ආසන්න වන අතර අත්අඩංගුවට ගෙන ඇති අනෙක් හම දිග අඩි පහක් පමණ වන බවත් රුපියල් ලක්ෂ දෙකකට එම හම යුගල සැකකරු විසින් විකිණීමට සූදානම්කර තිබූ බවත් පොලිසිය කියයි.

2025 නොවැම්බර් මස 21
9
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
132
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
979
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
සත්ත්ව හම් දෙකක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට