(සිසිර කැලේගම)
පොල්පිතිගම ස.තො.ස ආයතනයේ සේවය කරන සියලූම දෙනාට කොවීඞ් වයිරසය ආසාධනය වීම හේතුවෙන් අද සිට දෙසැම්බර් දින 14 කට එය වසා දමා ඇතැයි එහි කාර්යය මණ්ඩලය පවසයි.
පොල්පිතිගම තැපැල් කාර්යාලයේ බොහොමයකට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. පොල්පිතිගම මුලික රෝහලේ කාර්ය මණ්ඩලයේ වැඩි දෙනෙකුට කොරෝනා ආසාදනය වීම නිසා එම සේවාව පවා පවත්වාගෙන යන්නත් බැරි තත්ත්වයක් ඇති යි සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.
ඉබ්බාගමුව ඇඟලූම් හලක සේවක සේවිකාවන් රැසකටත් එය ව්‍යාප්ත වෙලා. ඉකුත් දින දෙක තුන තුල දී රෝගින් 50 ක් පමණ හදුනා ගත්තා .සෞඛ්‍ය නීතිවලට අවනතව කටයුතු නොකලොත් තත්ත්වය භයානක විය හැකි යැයි පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සුනිල් රත්නායක මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනටත් කොරෝනා ප්‍රධාන වාහකයා ඇඟලුම් කර්මාන්ත.
මෙය රජයේ කාර්යක්‍ෂමතාවය සහ උදාසීනත්වයට හේතු විය.
ගර්භනී අයත් වැඩට ගෙන්නනවනේ... සෙනග ගොඩක් ඉන්නකොට පැතිරෙනවනේ.. පව්, අහිංසක ජීවිත..