IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මාර්ගය අයිනේ නවතා තිබු මෝටර් රියක් හදිසියේ ගිනිගනී

 (රොමේෂ් මධුෂංඛ)


යාපනය, අරසඩි ප්‍රදේශයේ මාර්ගය ආසන්නයේ නවතා තිබු කාර් රථයක් ඊයේ (16) රාත්‍රියේ හදීසියේම ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවට යාපනය පොලීසිය  පවසයි.


අදාළ කාර් රථය මාර්ගය ආසන්නයේ නවතා තිබියදී හදිසියේ ගිනිගෙන ඇති අතර, ගින්න කුමන හේතුවකින් හටගෙන ඇතිද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය නැත.


කාර් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් හෝ යම්කිසි පුද්ගලයෙකු ගිනි තැබීමෙන් මෙම ගින්න ඇතිවන්නට ඇතියි යාපනය පොලීසිය සැක පළ කර සිටියි.


ගින්න හට ගැනීමෙන් අනතුරුව යාපනය මහ නගර සභා ගිනි නිවී‍මේ ඒකකය පැමිණ ගින්න නිවා දමා ඇති අතර, ඒ වන විටත් කාර් රථය විනාශ වි ඇති බවද පොලිසිය පැවසීය.


සිද්ධියෙන් කිසිවෙකුටත් ජිවිත හානි හෝ තුවාල සිදුවි නොමැති අතර ඒ සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි



අදහස් (0)

මාර්ගය අයිනේ නවතා තිබු මෝටර් රියක් හදිසියේ ගිනිගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site