
(වියලුව වාර්තාකරු)
මීගහකිවුල කරඳගහමඩ ප්‍රදේශයේ ඉපැරැණි විහාරස්ථානයක ඉඩමේ නිධානයක් හාරමින් සිටි එම විහාරයේ හිමිනමක් ඇතුලු තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගහකිවුල කරඳගහමඩ ප්‍රදේශයේම පිහිටි ඉපැරැණි විහාරස්ථානයක වැඩ විසූ අවුරුදු 52 ක් වයසැති හිමිනමක් හා අවුරුදු 28 ක් හා 25ක් වයසැති එම ප්‍රදේශයේම පදිංචි තරුණයෝ දෙදෙනෙකි.
කන්දකැටිය පොලිසිය වෙත ලද තොරතුරකට අනුව කන්දකැටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් දසනායක , පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති එම්. එච්. ජී. අශෝක මහතා මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් සිදු කළ හදිසි වැටලීමකදී සැකකරුවන් හා භාණ්ඩ අත් අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd