IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පුද්ගල ඝාතනයකට සැකපිට අයෙක් අත්අඩංගුවට

(රොමේෂ් මධුෂංඛ)

වවුනියාව කල්ලිකුලම් ප්‍රදේශයේදී පසුගිය 9දා තරුණයකු ඝාතනය කල බවට සැකකරන පුද්ගලයකු සැඟව සිටියදී අද (17) අලුයම අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලිස් කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය කියයි.
 
වවුනියාව සින්නපුදුකුලම් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කේ. සුරේන්ද්‍ර ප්‍රකාශ්  තරුණයා පසුගිය 09 වනදා වවුනියාව කෝවිල්කුලම් ප්‍රදේශයේදී ත්‍රි රෝදයකින් රැගෙන ගොස් ඝාතනය කර කල්ලිකුලම් කැලෑවකදී මළ සිරුර පුලුස්සා තිබියදී පොලීසිය සොයාගෙන තිබිණි.
 
වවුනියාව පොලිස් කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය සතියක කාලයක් තුලදී සන්නිවේදන තාක්ෂණය යොදාගනිමින් ඝාතනය කළ බවට සැකකෙරෙන වවුනියාව මුරුගනූර් ප්‍රදේශයේ පදිංචි නඩරාජා ක්‍රිෂ්ණලෝජන් නැමති 25 හැවිරිදි තරුණයෙකු මාතර ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් සැකකරු විසින් පසුව පොලීසියට කළ පාපොච්චාරණයකදී තමන් එම ඝාතනය කළ බවට වරද කළ බව පිළිගෙන ඇත. සැකකාර තරුණයා එම තැනැත්තාව ඕමන්ත කල්ලිකුලම් ප්‍රදේශයට රැගෙන ගොස් ඝාතනය කර ත්‍රි රෝද රථයේම ඉන්ධන ගෙන පුලුස්සා මියගිය තරුණයාගේ ගෙලේ තිබූ රන්මාලය හා මුදල් රුපියල් 2800 ක් රැගෙන පලා ගිය බවද පවසා ඇත.
 
ඝාතනය සඳහා යොදාගත් පිහිය ඇතුලු මිය ගිය තරුණයා සතුව තිබූ දෑ වැසිකිලි වළකට දමා තිබියදී පොලීසිය සොයගෙන ඇත. මිය ගිය තරුණයාගේ රන් මාලය මාතර ප්‍රදේශයේ රුපියල් 89,000කට උකස් කර තිබියදී එයද සොයාගැනීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අද (17) දින වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

 



අදහස් (0)

පුද්ගල ඝාතනයකට සැකපිට අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 275 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site