(සුමතිපාල දීයගහගේ )
අහංගම නගරයේ ඉදි වෙමින් පවතින දෙමහල්ගො ඩනැගිල්ලක් තුළදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් එම වැඩ බිමේ සේවකයින්දෙදෙනෙකු අද (20) අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කුන්ඩසාලේ පදිංචිකරුවෙකුවු පෙදරේරු රැකියාවේ නිරතව සිටි ආසිර්වාදන් සුසරාජ් (38) නැමැති තිදරු පියෙකි.
මේ මරණය පිළිබද මුලික මහේස්ත්‍රාත් පරික්ෂණය පැවැත්වු ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා පශ්චාත් මරණ පරික්ෂණයක් පැවැත්විමට කටයුතු කරන ලෙස පොලිසියට උපදෙස් දුන්නේය.
පසුගිය 17 වන දින මොහු අසනීපවි වැඩබිම තුල වැටි සිටින බවට එහි සේවකයින් අහංගම පොලිසියට පැමිණිලිකර ඇත ඒ අනුව පැමිණි 1990 ගිලන් රථ
සේවය රෝගියා පරික්ෂා කර බලා මොහු මිය ගොස් ඇති බව පොලිසියට දැනුම්දි තිබේ.
සිද්ධියවු දින එකම වැඩබිමේ සේවය කරන සැකකරුවන් සහ මියගිය පුද්ගලයා සමඟ රාත්‍රී සාදයක් පවත්වා ඇති අතර ඊටපසුව ඇතිවු ආරවුලකදි මොහුට අතින් පහරදි බරපතල තුවාල සිදු කොට ඇති බව මුලික පොලිස් පරික්ෂණවලදි හෙලිවි තිබේ .
මෙම මරණය සම්බන්ධයෙන් කුන්ඩසාලය සහ අහංගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 30
81
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
733
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
354
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පුද්ගල ඝාතනයකට සම්බන්ධ දෙදෙනකු අත්අඩංගුවට