(යක්කලමුල්ල ජේ.කේ.එල් චාමින්ද)
නිදියහනේදී මියගිය දින 24ක් වියැති බිළිඳෙකුගේ හදිසි මරණ පරීක්ෂණය පැවැත් වූ ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය බී.ජී.එන් කරුණාතිලක මහතා විසින් මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දෙමින් බිළිඳාගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා යොමු කොට දේහය නිදහස් කිරිමට තීන්දු කළේය.
මෙසේ මියගොස් තිබුණේ ගාල්ල ඇත්තිලගොඩ ගල්ගස්දුවවත්තේ පදිංචි ඉන්දිකා උදයකුමාරි (32) නැමති මවගේ දරුවාය. හදිසි මරණ පරීක්ෂණය අද (30) කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පවත්වනු ලැබීය. එහිදි සාක්ෂි දෙමින් මියගිය බිළිඳාගේ මව වන ඉන්දිකා උදයකුමාරි නැමැත්තිය මෙසේ කිවාය.
‘‘මියගිය පුතා මෙම මස 06 වැනිදා මහමෝදර රෝහලේදී උපත ලැබුවා. දරුවා ඉපදෙනවිට බර කිලෝග්‍රැම් 02කයි ග්‍රැම් 50යි. දරුවාට අසනිපයක් තිබුණේ නැහැ. ටිකට් කපාගෙන ගෙදර ආවා. දරුවාට කිරිදුන්නා. ඊයේ (29) රාත්‍රි අපි ආහාරගෙන නිදාගත්තා. දරුවා ඇඳේ මාළග හිටියා. දරුවාට රාත්‍රියේ දි මා නැගිට කිරි දුන්නා. කොට්ටයක් තබා දරුවා පැත්තට හරවා තබා නැවත මා නිදා ගත්තා. පසුව පාන්දර නැගිට දරුවා අවදිකරන්න හැදුවා. කකුල් අත ගැවා දරුවා නැගිට්ටේ නැහැ. දරුවා ගැන වෙනසක් දැනුනා මා ස්වාමියාට කථා කළා. පසුව දරුවා රෝහලට රැගෙන අවා. හදිසි ප්‍රථිකාර ඒකකයේදී දරුවාට වෛද්‍යවරු ප්‍රථිකාර කළා. පසුව දරුවා මියගොස් ඇති බැව් දැනුම් දුන්නා...‘‘ යැයි පැවසුවාය.
පශ්චාත් මරණ පරික්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි පි.පි මහානාම මහතා විසින් කරණු ලැබීය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මියගිය බිළිඳාගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණවලට