(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුවේදී තරුණයකු පුද්ගලයන් තිදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදී බරපතල තුවාල සිදුකර ඇති බවත් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනා ආණමඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට මාරු කර යවා ඇති බවත් පොලිසිය කියයි.
මෙසේ තියුණු කැපිම් වලට ලක්ව ඇත්තේ ආණමඩුව නගරයේ ත්‍රී රෝද රථ රියදුරන් දෙදෙනෙකු හා තවත් පුද්ගලයකු බව පොලිසිය කියයි.
තිදෙනෙකුට තියුණු ආයුධයකින් බරපතල තුවාල සිදුකළ සැකකාර තරුණයා වසර කිපයකට පෙර පුද්ගලයකුට තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කිරීමේ සිද්දියකට ප්‍රධාන සැකකරු බව පොලිසිය පවසයි.
කාන්තාවක් සම්බන්ධව ඇතිවූ ප්‍රශ්නයක් දුර දිග යාමේන් ත්‍රී රෝද රථ ගාලේ දෙදෙනා සහ අනෙක් තැනැත්තා සැකකාර තරුණයාගේ නිවස ඉදිරියට ගොස් ගැටුමක් ඇති කර ගෙන ඇති බවත් එහිදී නිවසේ සිටි සැකකාර තරුණයා කඩුවක් රැගෙන විත් කඩුවෙන් පහරදී ඇති බවත් පොලිසිය කියයි.
එහිදි එක් අයකුගේ ගෙල ප්‍රදේශයට දරුණු කැපුම් තුවාල සිදුව තිබු බවත් අනෙක් දෙදෙනාගේ පාදයක් සහ අතක් කපා තිබූ බවත් පොලිසිය පැවැසීය.
සිද්දියට සම්බන්ධ සැකකාර තරුණයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් සැකකරු සොයා පොලිස් කන්ඩායම් කිපයක් පරික්ෂණ අරම්භ කර ඇති බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
806
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තියුණු ආයුධයකින් පහරදී තිදෙනෙකුට බරපතලයි
Akila Wednesday, 08 May 2019 02:24 AM
රටේ බහුලව අපරාද කරන්නේ ඇප පිට ඉන්න දරුණු අපරාධ කරුවෝ