IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘ඇතැම් දේශපාලනඥයින්ගේ හැසීරීමෙන් මිනිසුන්ට දේශපාලනය එපා වෙලා‘

(දයාරත්න ඇඹෝගම)
 
‘සමහර දේශපාලඥයන්ගේ හැසිරීම නිසා අද ජනතාවට, තරුණයින්ට දේශපාලනය එපා වෙලා.ඒ විතරක් නෙමෙයි දේශපාලනය පිළිකුල් කරන තත්වයට පත් වෙලා ‘ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා  පැවසීය.
 
 ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ , නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තිඹිරිවැව ගම්මානයේ ඉදි කළ තිඹිරිවැව පානීය ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට අද (08)  සහභාගී වෙමිනි.
 
 දුමින්ද දිසානායක මහතා වාරී මාර්ග ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍යයවරයාව සිටියදී ලබා දුන් රුපියල් ලක්ෂ 20 කට ආසන්න මුදල් ප්‍රථිපාදනයකින් මෙම ජල ව්‍යාපෘතියේ වැඩ අවසන් කර තිබිණී. මෙම ව්‍යාපෘතිය මගින් පවුල් 250 කට පමණ පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ හැකියාව පවති.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක මහතා මෙසේද පැවසිය.
 
අපිට යහපාලන ආණ්ඩුව තුළ මොන මොන අඩුපාඩුකම් තිබුණත් මම දකින එකම දේ තමයි ගම සමගි වුණා.වෙනදාට ලොක්කෝ, ලොක්කෝ විතරයි සමගි වුණේ පොඩ්ඩෝ ගහමරා ගත්තා,අතපය කඩාගත්තා, ගෙවල් කඩා ගත්තා , කාර්යාල කඩා ගත්තා, රස්සාවෙන් මාරු කළා.
 
 හැබැයි ලොක්කෝ කවදාවත් ඒවා කර ගත්තේ නෑ.ලොක්කෝ  පාර්ලිමේන්තුවේ දෙපැත්තේ බැණ ගත්තත්, එළියේ ලොබියට ඇවිත් ඕක ගණන් ගන්න එපා මචං..එහෙම නොකියා බෑනේ කියලා එකට කනවා බොනවා.හැබැයි ගමේ කට්ටිය ඥාතිකම නැති කර ගන්නවා, ගහමරා ගන්නවා.මේ යහපාලනයෙන් ඇති වෙච්ච හොඳම දේ තමයි අද අපිට ගමේ පක්ෂ භේදයක් නැතිව, හිතන්න, වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් උදා වෙලා තියෙනවා.
 
හැබැයි දේශපාලන නායකයෝ හැමදාම අපිට දුන්නේ කුහකකමට, තමන්ගේ ගොඩ වැඩි කර ගන්න   හැමදාමත් වෛරය, ක්‍රෝදය තමයි පැතිරුවේ,මේ රටේ තියෙන ජාතිවාදය හදන්න මුල් වෙලා තියෙන්නෙත් දේශපාලන පක්ෂ.සමහර ජාතීන්ගේ අඩුපාඩුත් තියෙනවා.සිංහල අපේ, දෙමළ අයගේ, මුස්ලිම් අයගේ අඩුපාඩු තියෙනවා හැබැයි, මේ ජාතිවාදය දැන් වැඩියෙන් කථා කරන්නේ දේශපාලඥයෝ.
 
මට මතකයි අනුරාධපුරයට කොටි ගහන්න කලින්, දෙමළ අය එලෙව්වා. යාපනයේ දෙමළ අය සිංහල මිනිස්සුන්ව එලෙව්වා, අපේ සිංහල මිනිස්සු ගම්වල හිටිය දෙමළ මිනිස්සුන්ව එලෙව්වා.අනුරාධපුර ටවුනේ එකේ හිටිය දෙමළ මිනිස්සුන්ව බේරා ගත්තේ අපේ ගෙදර,අපේ වත්ත මැදින් ඒ අය බඩුත් අරගෙන දුවගෙන යනවා, ඒ අය හැංගුනේ අපේ ඇඳන් යට, ටයර් ගොඩවල් අස්සේ අපි බොහෝම සමගියෙන් හිටිය කට්ටියක්, මේකට වැරදි අයගේ මාර්ග උපදේශණය නිසා නායකත්වය ලබා දීම නිසා, අපි ජාතිවාදය පටන් අරන් තියෙනවා.
 
දැන් තියෙන සිංහල -මුස්ලිම් ආරවුල වුණත් ගත්තොත් කොච්චර මුස්ලිම් මිනිස්සු ඉන්නවාද අපිත් එක්ක ලගින්ම ආශ්‍රය කරන අය, කවදාවත් අපේ ගෙදරකින් ඇවිත් කෑම කන කොට හළාල්ද කියලා ඇහුවද, අපි ගිහින් ඒ අය එක්ක කද්දී හලාල්ද කියලා ඇහුවෙත් නෑ.එහෙම දෙයක් අපේ තිබුණේ නෑ.මේ සේරම ඇවිත් තියෙන්නේ අර කිව්ව දේශපාලනය නිසා.
 
මේ හැම දේම අපිට වෙනස් කරන්න බැරි වෙයි.හැබැයි අපි ගමෙන් සමගි වෙන්න පටන් ගමු.ගම දියුණු කරන්න හැමෝගෙන්ම උදව් ගන්න, ගම හදාගන්න අපි හැමෝම එකතු වෙලා, අපේ දායකත්වයත් දීලා, අනෙක් අයගේ දායකත්වයත් ගමු.මැතිවරණ කාළයට ඕන නම්, බෙදෙමු, ගහගමු, මරා ගමු ඕන දෙයක් කරමු.හැබැයි දැන් එකතු වෙලා ගම හදමු, අපිට එතකොට ආයේ ගහමාරා ගන්න ඕන නෑ, ප්‍රථිපත්තියත් එක්ක දේශපාලනය කරන්න පුළුවන්.හොඳ මිනිස්සු එක්ක දේශපාලනය කරන්න පුලුවන්.
 
ඒ වගේම ඉදිරියේදී මැතිවරණ 
කීපයක් එනවා,  ඒ ජන්ද වලට මුහුණ දෙනකොට දේශපාලනයේ ඉන්න ඕන නැති කට්ටිය දේශපාලනයේ ඉදීම තුළ අද දේශපාලඥයාටත් තියෙන වටිනාකම නැති වෙලා තියෙනවා.ඒ නිසා දෙයියනේ කියලා ලබන පාර මොන ජන්දය තිබ්බත් ඒ යවන තැනට ගැලපෙන මනුස්සයෙක් ඒ තැනට යවන්න ඕනකම තියෙනවා.
 

 



අදහස් (1)

‘ඇතැම් දේශපාලනඥයින්ගේ හැසීරීමෙන් මිනිසුන්ට දේශපාලනය එපා වෙලා‘

hira Monday, 08 April 2019 07:02 AM

මෙයා බබා .. බිල්ඩිමට කතා කරන්න පුළුවන් කම තිබුනානම් පැහැදිලිවම කියයි ගත්ත කොමිස් කුට්ටිය. රටේ මිනිස්සුන්ගේ සල්ලි හොරා කාපු දේශපාලකයෝ සුදු රෙදි ඇදගෙන දැන් වැදී බන කියනවා .. මේ අයට බක් මහේ අකුණු පාත් වෙන්න ඕනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 74 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 874 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site