(ඉන්දිකා රාමනායක)
මඩකලපුව අම්පාර පොලිස් බල ප්‍රදේශ රැසක යතුරු පදි සොරාගෙන ගොස් රන්මාල දීමේ නිරතව සිටි සැකකරුවන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 37ට අධික වටිනා රන් බඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .
හෙරොයින් ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අක්කරේපත්තුව පොලිසිය මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී මෙම මාල සහ යතුරුපැදි සොරා සොරාගැනීමේ සිද්ධීන් අනාවරණය වූ බව පොලිසිය කියයි.
මොවුන් පවුම් 37 ක අඩු කොල්ල කා මෙලෙස උකස් මධ්‍යස්ථාන රැසකට අලෙවි කර ඇතැයිද පොලීසිය කියයි.
අම්පාර ,මඩකලපුව , අක්කරෙයිපත්තුව, චවලකඩේ, කරදියනාරු, මධ්‍යම කඳවුර, ඇතුළු පොලිස් වසම් 10 ක මාල නෑ මේ සිද්ධීන් වලට මොවුන් සම්බන්ධ බව පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.
මොවුන් එම ප්‍රදේශවලින් යතුරුපැදි සොරා ගෙන ඒවා උපයෝගී කරගෙන රන්මාල කැඩීම සිදුකර ඇතැයි ද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd