IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


යුරෝපයේ විපස්සනා භාවනා වැඩ සටහන්

ප්‍රංශයේ පිරණීස් කඳු පාමුල ස්පාඤ්ඤ දේශ සීමාව ආසන්නයේ "මොන් ද මර්සැන්" පිවිතුරු ගම්මානයකි. ප්‍රංශ ගුවන් හමුදාවේ එක් කඳවුරක් මෙහි පිහිටීම නිසා මුළු රටටම මෙම නගරය වැදගත්ය.  "බොර්ඩෝ" ප්‍රාන්තයට අයත් මෙම නගරයේ ප්‍රංශ ජාතිකයන් 26 දෙනෙකුගේ සහභාගීත්වයෙන් විපස්සනා භාවනා සති අන්තයක් පසුගිය දා සිදු කැරිණි. ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ ආචාර්ය තවලම ධම්මික හිමියන් හා හල්විටිගල සුජාත හිමියන් මෙම වැඩසටහන මෙහෙයවනු ලැබූහ. 

සතර ඉරියව්වලින් කය මෙහෙයමින් පවත්වන මෙම භාවනා පුහුණුව හා උපදේශන බොහෝ දෙනෙකුට  ජීවිතයට අනුස්මරණීය අත්දැකීමක් එක් කළ බව අපමණ ප්‍රිතියෙන් යුතුව සිහිපත් කළහ.

මේ අතර ස්විට්සර්ලන්තයේ සාන්ත සර්ග් කඳු මුදුන යුරෝපයේ සුප්‍රකට ජූරා කඳු පද්ධතියෙහි දකුණු සීමාවයි. එහි ඉතාම දර්ශනීය කඳු ගම්මානයක් වන  මොන්තරෙට් හි දී දින තුනක විපස්සනා භාවනා වැඩසටහනක් ජිනීවා ජාත්යන්තර බෞද්ධ විහාරය විසින් පසුගියදා සංවිධානය කෙරිණි.

ස්විස් ජාතිකයන් හා ආසියාතික බෞද්ධයන්  සහභාගී වුණු මෙම වැඩ සටහනට සමගාමීව එම බිමෙහි ශීත හා උණුසුම් කාල ගුණයන්ට යෝග්‍ය විශේෂ පැළෑටියක් රෝපණය කිරීම ද සිදු කෙරිණ.

එය භාවනා සිතක් හා ස්වභාව ධර්මය තුළ පැවතිය යුතු අනුයෝජනීය සම්බන්ධතාවය සංකේතවත් කරණ ප්‍රබල අත්දැකීමක් ලෙස සැමගේ අවධානයට ලක්විණි. නිව්ශතෙල් නගරයේ මන්ජු, වාසනා, ප්‍රේමා මහත්ම මහත්මීන් ද ජිනීවාහි සමන්ත, දිමුතු, ලලිත්, සමන්ති හා බණ්ඩාර මහත්ම මහත්මීන් ද  වන්දනා ගමනක අත්දැකීම මෙම රටෙහිදී විඳිමින් බොහෝ දුර බැහැර සිට පැමිණෙමින් මහා සංඝ රත්නයට හා භාවනා කළ යෝගාවචරයන්ට දානය පිළිගැන්වීම ද විශේෂයක් වීය.

ජිනීවා විහාරයේ ආචාර්ය තවලම ධම්මික නාහිමි, හල්විටිගල සුජාත හිමි හා ස්විස් ජාතික ලක්ඛණ හිමි මෙම වැඩසටහන මෙහෙය වූහ.

20161120_000030_56



අදහස් (0)

යුරෝපයේ විපස්සනා භාවනා වැඩ සටහන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 403 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 564 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 232 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site