
(ජයරත්න වික්‍රමාරච්චි)
රජයේ හරිත කෘෂිකර්මාන්ත වැඩසටහනට අනුව මෙම මහ කන්නයේදී වගා කොට අසාර්ථක වී ඇති තම කෙත්යායේ වී වගාව වෙනුවෙන් සාධාරණ වන්දියක් ලබාදෙන ලෙසට ඉල්ලමින් නීලබැම්ම ඔට්ටුපල්ලම ගොවීහු අද (24) දහවල් එම කෙත්යායේ දී විරෝධතාවයක නිරත වූහ.
පසුගිය කන්නවලදී රසායනික පොහොර යොදා කුඹුරු අක්කරයකින් වී බුසල් 150 කට අධික අස්වැන්නක් ලබා ගත් නමුත් මෙවර කාබනික පොහොර පමණක් යොදා සිදුකළ වී වගාවෙන් අක්කරකට වී බුසල් විසිපහක් තිහක්වත් ලබාගත හැකිවේද යන්න සැක සහිත බවත් ඔවූහු මෙහිදී පැවසූහ.
‘‘ගොයමට මේ වෙනකොට මාස දෙකක් වෙනව, දියර පොහොර ගැහුවට පස්සෙ ගොයම කහවෙලා, කරල් පීදීම හොරයි.පූදින කරලුත් බොල්, වැඩි ගණන් දීල රසායනික පොහොර ටිකත් ගහපු කුඹුරු කිහිපයක් විතරක් තරමකට හොඳයි නමුත් බහුතරයක් වැඩක්ම නෑ‘‘ යනුවෙන්ද එම ගොවීහු කීහ.
කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නීලබැම්ම ව්‍යාපාරය තුළ පිහිටි ඔට්ටුපල්ලම කෙත්යාය කුඹුරු අක්කර හාරසියයකින් පමණ සමන්විත වන අතර ඊට කලාඔය හරස්කර බැඳි නීලබැම්ම අමුණේ ජලය කිළෝ මීටර් දහතුනකින් යුත් වාරි ඇළ ඔස්සේ ඔට්ටුපල්ලම ජලාශයයට යවා ඒ මඟින් කෙත්යායට බෙදා හැරේ.
ගොවීන් දෙසීයක් පමණ සාමාජිකත්වය දරණ ඔට්ටුපල්ලම ‘‘නීලවැලි‘‘ ගොවි සංවිධානය මෙම විරෝධතාවය සංවිධානයකර තිබූ අතර පැයක පමණ කාලය එය සාමකාමීව පවත් ඔවූහු විසිර ගියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මේ ප්‍රශ්නය ගැන සලකා බලනවා.