IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලොරියක් සහ ත්‍රිරෝද රියක් ගැටී තරුණයෙක් මරුට

(කේ. බුද්ධික කුමාරසිරි )
 
හයිලෙවල් මාර්ගයේ ගොඩගම ජයසිංහ මාවත අසලදී ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටී සිදු වු අනතුරින්  තී‍්‍ර රෝද රථයෙහි ගමන් ගත් තරුණයින් සිව් දෙනෙකු තුවාල ලබා හෝමාගම  මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන් එක් තරුණයෙකු මිය ගොස් ඇත. 

මෙසේ මිය ගොස් ඇත්තේ මීගොඩ හෙට්ටියාවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඊයේ (10)  රාත්‍රි 11 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරට ලක් වූ තී‍්‍ර රෝද රථය මීගොඩ සිට ගොඩගම දෙසටත් ලොරි රථය ගොඩගම සිට අවිස්සාවේල්ල දෙසටත් ධාවනය වෙමින් තිබියදී මෙම අනතුරට ලක්ව තිබේ. 

ලොරි රථයේ අනතුරින් පසු අනතුර සිදු වූ ස්ථානයේ සිට මීටර් 50 ක් පමණ දුරින් නවතා තිබීම  නිසා ප‍්‍රදේශවාසීන් සහ පොලිසිය අතර උණුසුම් තත්වයක්ද ඇති උවද පසුව ඒ පිළිබදව ජනතාවට වටහා දීමෙන් පසු තත්ත්වය පාලනය කළ බවද පොලිසිය පවසයි.

අනතුරින් තුවාල ලැබූ අනෙක් තරුණයින් තිදෙනා හෝමාගම මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබන  අතර ලොරි රථයේ රියදුරු මීපේ පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවටගෙන ඇත.



අදහස් (0)

ලොරියක් සහ ත්‍රිරෝද රියක් ගැටී තරුණයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 549 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site