IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අලියාගේ පහර දීමෙන් ගොවියා මරුට

(චන්ද්‍රසේන ගමගේ )

කුඹුරට ගොස් නැවත නිවස බලා පැමිණෙමින් සිටි  70 වැනි වියේ පසු වූ ගොවි මහතෙකු හම්බන්තොට ගොන්නේරුව ප්‍රදේශයේදී වන අලියෙකුගේ පහර කෑමට ලක්ව මිය ගොස් ඇතැයි හම්බන්තොට පොලීසිය පවසයි.  

කාලයේදී වන අලියාගේ පහර කෑමට ලක්ව මිය ගොස් තිබුණේ කේ.ඒ. එඩිවින් නැමති සිවු දරු පියෙකු  බවත් ඔහු ගොන්නෝරුව පන්වැව ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවත් පොලීසිය පවසයි.

පන්වැව ප්‍රදේශයේ පිහිටි නිවසේ සිට තමන් වගා කළ කුඹුර වන අලීන්ගෙන් ආරක්ෂා කර ගැනීම සදහා මිය ගිය එඩ්වින් කුඹුරට ගොස් නැවත අද (25) අළුයම 02 ට පමණ නිවසට එමින් සිටියදී නිවස ආසන්නයේ  රැදී සිටි වන අලියෙකු ගොවි මහතාට පහර දී තිබේ.වන අලියාගේ පහර කෑමට ලක් වූ ඔහු එම ස්ථානයේදීම මිය ගොස් තිබුණි.

වන අලියාගේ පහරදීමෙන්  සුළු මොහොතකට පසු එම මාර්ගයේ ගමන් කළ තවත් ගොවි මහතෙකු විදුලි පන්දමක් මාර්ගයේ වැටී තිබෙනු දැක ඇති අතර වැඩි දුරටත් ඔහු කළ සෝදිසි කිරීමේදී ඒ ආසන්නයේ වන අලියා රැදී සිටිනු දැක තිබේ.

පසුව  ඔහු ආපසු දිව ගොස්  ගම්වැසියන්ට සිද්ධිය පවසා තිබේ. අනතුරුව හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිළධාරීන්ද පැමිණී වන අලියා පළවා හැර මිය ගිය ගොවි මහතාගේ සිරුරු සොයා ගෙන තිබේ.

 

 



අදහස් (0)

අලියාගේ පහර දීමෙන් ගොවියා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1051 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site