(ක.ග.කරුණාරත්න)
මහවැලි සී කලාපයේ වෙහෙරගල කොට්ඨාස කළමනාකාරවරියට දේශපාලන බලපෑම් මත ලබාදී ඇති ස්ථාන මාරුව වහාම අවලංගු කරන ලෙස ඉල්ලමින් ප‍්‍රදේශයේ මහජනතාව අද (10) මහවැලි කොට්ඨාස කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයෙක නිරත වූහ.
රාජ්‍ය නිලධාරීන්ට දේශපාලන බලපෑම් නොකරන්නැයි උද්ඝෝෂණකරුවෝ එහිදී ඉල්ලා සිටියහ.
දැනට පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ එවැනි තත්වයක් නිර්මාණයවී තිබෙන හෙයින් මේ සම්බන්‍ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අවධානය යොමන ලෙසද ඔවුහු ඉල්ලා සිටියහ .මේ විරෝධතාවට ප‍්‍රදේශවාසීහු 300ක පමණ පිරිසක් එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd