රොමේෂ් මධුෂංඛ
මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කනාකාම්බිකයි වැවේ තිබී මළ සිරුරක් හමු වූ බව කිලිනොච්චිය පෙලීසිය කියයි.
කිලිනොච්චිය තිරුමුරුකණ්ඩි ප්‍රදේශයේ පදිංචි දරුවන් පස් දෙනකුගේ පියෙකු වන 52 හැවිරිදි පොන්නයියා තිරුනීලකණ්ඩන් නැමත්තාගේ මළ සිරුර මෙසේ ප්‍රදේශවාසීන් දැක ඒ බව පොලීසියට දැනුම් දී ඇත.
මියගිය පුද්ගලයා කුමන හේතුවක් නිසා මිය ගියේ දැයි යන්න මෙතෙක් හෙළි වී නොමැති අතර මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු වෙනුවෙන් කිලිනොච්චිය රෝහලේ තැන්පත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd