
(ශාන්ත චන්ද්‍රසිරි)
වතු වෘත්තීය සමිති නියෝජිතයෙකු විසින් වතු නිලධාරීවරයෙකුට පහරදීමක් සිදු කරන ලද බව පවසමින් ඊට විරෝධය පාමින් තලවකැලේ, වටගොඩ වත්තේ වතු නිලධාරීන් අද (14) විරෝධතාවයක නිරතවුහ.
වතු නිලධාරීන්ට මෙසේ පහරදීමෙන් වතු සේවා කටයුතු සිදු කරගෙන යාමේදී විවිධ ගැටළුවලට මුහුණ පා ඇති බවත් වතුවල පවතින මෙම තත්ත්වය වහාම නිවරදි විය යුතු බව විරෝධතාවයේ නිරත වතු නිලධාරීහු පවසති.
වටගොඩ වතුයායේ වතු නිලධාරීන් 40 ක පමණ පිරිසක් විවිධ සටන් පාඨ සහිත පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් වතු කාර්යාලය ඉදිරිපිටට එක්රැස්ව මෙසේ විරෝධතාවයේ නිරතවුහ.
පහරදීමට ලක් වු බව කියනු ලබන වතු නිලධාරීවරයා රෝහල් ගත කොට ඇති අතර සිද්ධියට සම්බන්ධ වතු වෘත්තීය සමිති නියෝජිතයා තලවකැලේ පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.




2025 නොවැම්බර් මස 04
337
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2147
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1622
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තලවකැලේ වටගොඩවත්තේ විරෝධතාවක්