IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මාදුරුඔය ඇලට වැටී පුද්ගලයකු ජීවිතක්ෂයට

(මනම්පිටිය-නිමල් ජයරත්න)

මාදුරුඔය ඉසඞ්.ඩී ප්‍රධාන ඇලට අද (23) යතුරුපැදියක් වැටි සිදු වූ අනතුරකින් එහි ගමන්ගත් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මළසිරුරක් අද (23) දහවල් 11.00ට පමණ අරලගංවිල මැදගම ප්‍රදේශයේදී සොයාගත් බව අරලගංවිල පොලිසිය කියයි.

ඇලට වැටුණු අනෙකුත් පුද්ගලයා අතුරුදහන් වී ඇති අතර ඔහු සොයා මාදුරුඔය විශේෂ බලකායේ පිහිනුම් ඒකකයේ සහ ප්‍රදේශවාසින් එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇත.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ බෝගස්වැව අංක 222 ලිපිනයේ පදිංචිව සිටි දෙදරු පියෙකු වන චමින්ද කුමාර රත්නායක යන අය බව අරලගංවිල පොලිසිය කියයි.

අතුරුදහන්ව ඇත්තේ අංක 02 බමුණාකොටුව ලිපිනයේ පදිංචි 60 හැවිරිදි තිදරු පියකු වන ජී.විමලසිරි යන අයෙකු බව පොලිසිය සඳහන් කරයි.

බමුණාකොටුව ප්‍රදේශයෙන් ඇලට වැටුණු මෙම යතුරුපැදියේ මියගිය පුද්ගලයාගේ  මළසිරුර සොයාගෙන ඇත්තේ එම ඇලේ කිලෝමිටර් 5ක පමණ දුරට ගසාගෙන ගොස් යකඩ දැලක රැඳී තිබියදි බව අරලගංවිල පොලිසිය කියයි.

පොළොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරි ධම්මික වීරසේකර මහතාගේ මෙහෙයවිමෙන් අරලගංවිල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.පී.ඩබ්ලිව්. ප්‍රේමලාල් මහතා ඇතුලු පොලිස් නිලධාරිහු වැඩිදුර පරික්ෂණ සිදුකරති.



අදහස් (0)

මාදුරුඔය ඇලට වැටී පුද්ගලයකු ජීවිතක්ෂයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site