IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පන්සල්වල පිත්තල බඩු ඉස්සූ ජෝඩුවක් මාට්ටු

(තිලකරත්න දිසානායක)

දිවයිනෙහි විවිධ ප්‍රදේශවල පන්සල්වලින් පිං කැට සහ පිත්තල භාණ්ඩ  සොරාගත් ගත් බව කියන යුවළක් අත් අඩංගුවට ගත්බව යක්කල පොලීසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 41 සහ 40 වයස්වල පසුවන යුවළකි.

ගම්පහ, බැලුම්මහර බෝධිය අසල සැක සහිත අන්දමින් රැදී සිට ඇති යුවලක් පරීක්ෂාවට ලක් කිරීමේදී පිරිමි පුද්ගලයා කරේ එල්ලාගෙන සිටි බෑගය තුල සිල්ලර කාසි තොගයක් තිබූ බැවින් දෙදෙනාගෙන් සිදු කළ

ප්‍රශ්න කිරීම් හමුවේ තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි. 

ඒ අනුව යුවල අත් අඩංගුවට ගෙන ඔවුන් රැදී සිටින මිනුවන්ගොඩ ප්රිදේශයේ කුලී නිවස පරීක්ෂා කළ අවස්ථාවේ රුපියල් 40,000 ක් පමණ වන රුපියල් 100 , රුපියල් 50 , 20 රුපියල් 10 වැනි මුදල් නෝට්ටුද , කාසි තොගයක් සහ පිත්තල පහන් ආදිය තිබූ බැවින් සිදු කළ වැඩිදුර ප්ර්ශ්ණ කිරීම් හමුවේ හෙලිව ඇත්තේ මොවුන් දෙදෙනා පංසල් කිහිපයකින්ම පිං කැට සොරාගත් බවත්ය.

කඩවත සහ ඉහළ ඉඹුල්ගොඩ ප්රගදේශයන්හි පදිංචි මෙම යුවල නීත්යාඇනුකූලව විවාහ නොවී ඇති බවත් මෙම තැනැත්තිය කොළඹ ප්රයධාන කාන්තා පාසලකින් අධ්යාමපනය ලබා ඇති බවත් අනාවරණයවී ඇතැයි පොලීසිය පවසයි. 

මොවුන් දෙදෙනා කලක පටන් පිං කැට සොරා ගැනීම සිදු කොට ඇති බවත් කලකට පෙර ඇල්ල ප්රාදේශයේ පංසලකින් මුදල් සොරා ගැනීම මත ඇල්ල පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට ඇති බවත් හෙලිව ඇත.

මොවුන් දෙදෙනා විසින් යක්කල පොලිස් බල ප්රතදේශයට අයත් ගොඩගෙදර උත්තරමූල විහාරයේ සහ යක්කල සිරිවර්ධනාරාමයේත් , ගණේමුල්ල වේවැල්ලාගාර බුදුපිළිමය හන්දියේත් පිං කැට කඩා මුදල් සොරා ගැනීම සහ පිත්තල පහන් ආදිය සොරා ගැනීම සිදු කොට ඇති බව අනාවරණය වූ බවත් පොලීසිය කියයි.  

මේ සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී අතුකෝරල සහ යක්කල පොලිස්ථානාධිපති ප්ර ධාන පොලිස් පරීක්ෂරක සිතාර කරුණාරත්න යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ යක්කල අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සැරයන් ( 58801) ප්‍රියන්ත අමරදිවාකර මහතාගේ මෙහෙයවීම මත සැරයන් (55465) නිහාල්, කොස්තාපල්වරුන් වන බුද්ධික ( 38926), ගලහිටියාව ( 83741) සහ රවීන්ද්‍ර (16410) යන නිලධාරීන් පරීක්ෂණ සිදු කොට ඇති අතර සැකකරු සහ සැකකාරිය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.  



අදහස් (0)

පන්සල්වල පිත්තල බඩු ඉස්සූ ජෝඩුවක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site