IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පුක්කුලම ගම්මානයේ ධීවරයෝ විරෝධතාවක

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
පුක්කුලම ධීවර ගම්මානයේ ධීවරයෝ පිරිසක් අද(18) තම උරුමය ඉල්ලා වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ.
 
පුත්තලම දිස්ත්‍රික්කයේ අවසන් ගම්මානය වන විල්පත්තුව ජාතික වන උද්‍යාන මායිමේ පිහිටි මෙම පුක්කුලම ධීවර ගම්මානයේ ජනතාව 200 ක් පමණ ධීවර යාත්‍රා මගින් සේරක්කුලියට පැමිණ එතැන් සිට ලොරි රථ මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ විරෝධතාවට එක් වූහ.
 
ධීවරයින් පවසාසිටියේ තමන්ගේ ඥාති පරම්පරා ගණනාවක් පුක්කුලම ධීවර ගම්මානයේ පදිංචි වී සිටියද අද වන විට ගම්මානයට ගමන් කිරීමට පවා වන ජීවී ඒකකයෙන් තහනම් කර ඇති බවයි. මේ වන විටත් පදිංචි ඉඩම් සඳහා ඔප්පුවක් ලබාදීමට බලධාරීන් කටයුතු කර නැති බවත්, ගම්මානයට ගොඩබිමින් කිසිදු ප්‍රවාහන කටයුත්තක් කරගැනීමට නොහැකි තරමට තහංචි දමා ඇති බවත් ඔවුහු කීහ.
 
වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ මහතාට සංදේශයක් භාර දුන් ධීවරයින් පවසා සිටියේ මේ පිළිබඳව කඩිනමින් සොයා බලා කටයුතු කරන ලෙසටය.
 
මේ පිළිබඳව විල්පත්තුව  ජාතික වන උද්‍යාන භාරකරු චමත් ලක්ෂමන් පෙරේරා මහතාගෙන් කළ විමසිමේදී පවසා සිටියෙ මෙවැන්නකි.
 
“ මෙය ධීවර ගම්මානයක් නොවෙයි. විල්පත්තුව ජාතික උද්‍යානය 1938 ගැසට් කරද්දී ධීවර කටයුතුවලට පමණක් මේ ස්ථානය ලබා දී තිබෙනවා. ධීවර වාඩි පමණක් මේ ස්ථානයේ පවත්වාගෙන යන්න, ධීවර කටයුතුවලට යොදා ගන්න පුලුවන්.
 
පුක්කුලමේ දිගින් මීටර් 600 ක් හා පළලින් මීටර් 20 ක් පමණක් ලබා දී ඇත්තේ ඒ අනුවයි. නමුත් පවුල් පිටින් කිසිම ලෙස මේ ස්ථානයේ රැඳී සිටින්න අවසර නැහැ. මේ ජනතාවට මුහුදු මාර් ග පමණක් භාවිත කරන්න අවසර දී තිබෙන්නේ, ගොඩබිම් මාර්ග භාවිත කරන්න කිසිම අවසරයක් නැහැ. මේක ජාතික උද්‍යානයක් බව සියලු දෙනාම දැනගත යුතුයි. අපි වැඩ කරන්නේ අදාළ නීති රාමුව යටතේ. නීතිය වෙනස් කරන්න අපිට පුළුවන් කමක් නැහැ” ඔහු පැවසීය.

(ඡායාරූප -හිරාන් ප්‍රියංකර)

(ඡායාරූප - රෝවන් පෙරේරා)

 

 



අදහස් (1)

පුක්කුලම ගම්මානයේ ධීවරයෝ විරෝධතාවක

දිමුත් Tuesday, 18 February 2020 09:16 AM

මේගොල්ලොත් ඔක්සිජන් නැතුව ජීවත් වෙන්න පුලුවන් කොට්ඨශයක්ද කොහෙද..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site