(නිමල් ජයරත්න)
වැලිකන්ද රුවන්පිටිය මැණික්දෙනිය ඇතුළු අවට කෙත්වතුවලට කඩා වැදුණු වල් අලි රංචුවක් අද(04) අලුයම තම පැල ගොයම පාගා විනාශ කර ඇති බව ප්‍රදේශයේ ගොවීහු පවසති.
වැලිකන්ද ප්‍රදේශයේ රක්ෂිත සහ වැව්වල බැස සිටින වල් අලි රංචු මාදුරුඔය සහ සෝමවතිය යන ජාතික වනෝද්‍යානවලින් ගම් වැදුණු අලි බව ද ඔවුන්ව ඉදිරි දිනවලදී ඉවත් නොකළහොත් සිය භෝග වගාවන් සම්පූර්ණයෙන් විනාශවනු ඇති බවද ඔවුහු පවසති.
මැණික්දෙනිය සහ රුවන්පිටිය යන ගම්මානවල ගොවීහු මෙසේ පැවසූහ.
“කුඹුරුවල වී වගාව අලින්ගෙන් රැක ගන්න ගියොත් අලි ගෙවතුවලට පැනලා කෙසෙල්, පොල්, අඹ වගාවන් විනාශ කරනවා. ඒවා රැකගන්න ගෙදර හිටියොත් කුඹුරු වලට පැනලා ඒවා විනාශ කරනවා. අවුරුදු 30ක් අපි ත්‍රස්තවාදීන්ගෙන් බැට කෑවා. දැන් වන අලින්ගෙන් දුක් විඳිනවා. මේ ප්‍රශ්නයට ස්ථිර විසඳුම් දෙන්න බලධාරීන් අපොහොසත් ඇයි? ”
වැලිකන්ද පොළොන්නරුව වනජීවී නිලධාරීන් පවසන්නේ අලින්ගේ වාසභූමි මහා පරිමාණයෙන් මිනිසුන් විනාශ කිරීම අලි ගම් වැදීමට ප්‍රධාන හේතුව බවයි.
ගම්වදින අලි පන්නා දැමීමට පවත්නා සම්පත් ඇසුරින් හැකි උපරිම උත්සාහ දරන බවත්, පුද්ගල මරණවලට හේතුවන අලි සිටී නම් උන් අල්ලා හොරොව්පොතාන අලි සුරැකුම් මධ්‍යස්ථානයට රැගෙන යෑමට පියවර ගන්නා බවත් ඔවුහු පවසති.
වන අලි තර්ජනයට මහවැලි බී කලාපයේ සෑම ගම්මානයක්ම මුහුණ දෙමින් සිටින බව ද ඉහළ නිලධාරීනගේ අවධානය මේ කෙරේ යොමුවිය යුතු බවද ඔවුහු පැවසූහ.




2025 නොවැම්බර් මස 21
59
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
159
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1012
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
වැලිකන්ද කෙත්වතුවලට වන අලි තර්ජන