ක.ග කරුණාරත්න
හබරණ සහ ඒ අවට ප්‍රදේශවලට හෙරොයින් මත්කුඩු බෙදාහැරීම කළ බව කියන ජාවාරම්කරුවන් දෙදෙනකු ඇතුළු මත්කුඩු ළඟ තබාගෙන සිටි පුද්ගලයන් සිව් දෙනෙකු මත්කුඩු තොගයක් ද සමඟ අද (25) අලුයම මොරගස්වැව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය කියයි.
මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු සෆාරි ජීප් රථ රියදුරෙකු බවත් අනෙක් තැනැත්තා වැලි ටිපර් රථ රියදුරකු බවත් හෙළි වී ඇත.
පොලීසියට ලැබුණු තොරතුරක් මත ඊසි කෑෂ් ක්‍රමයට මත්කුඩු මිලදීගෙන ළඟ තබාගෙන සිටි තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මත්කුඩු ද සමඟ මෙම ජාවාරම් දෙදෙනාද අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව විමර්ශන කටයුතු සිදුකරන පොලිස් නිලධාරීහු සඳහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd