(අමදෝරු අමරජිව )
සංචරණ සීමා වලට මුවා වී බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් මහවැලි ගගේ වැලි ගොඩ දැමු සැකකරුවන් 16 දෙනෙකු වැලි ටිපර් නවයක් හා ට්‍රැක්ටර් හතක් සමග අත්අඩංගුවට ගත් බව මූතූර් පොලිසිය කියයි.
මුතුර් සහාකර පොලිස් අධිකාරි ටි.එම්.කරුණාතිලක මහතා විසින් දින තුනක් තිස්සේ සිදුකල පුලුල් මෙහෙයුමකින් පසු මෙම අත්අඩංගුවට ගැනිම් සිදුකලහ.
මුතුර් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩි.එම්.අයි.කේ. දිසානායක මහතාගේ මෙහෙයවිම යටතේ උප පොලිස් පරික්ෂක ගුණරත්න , සැරයන් වරුන් වන (55792)රාජපක්ෂ, (39122)පියසේන, කොස්තාපල්වරුන් වන (74665)කොඩිතුවක්කු, (33656) ඉදුනිල්, (96147) බන්දුල , (64753) දිසානායක යන මහත්වරු වෙල්ලනාවල්, සෙම්බල්තෙට්ටි, රාල්කුලි යන වැලි මංකඩවල මෙම මෙහෙයුම දියත්කර තිබුණි.
සැකකරුවන් වැලි ටිපර්, ට්‍රැක්ටර් සමග මුතුර් පොලිස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd