(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මුන්දලම පූනපිටිය වම්බිවටුවාන් ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක සිදුකරගෙන යන වැලි කැණීමක් හේතුවෙන් පාරිසරික ගැටළු රැසකට මුහුණ දිමට සිදුවන බව පවසමින් ප්‍රදේශවාසීහු අද (10) විරෝධතාවයක නිරත වුහ.
පූනපිටිය වම්බුවට්වාන් ප්‍රදේශයේ පොල් ඉඩමක වැවක් සැකසීමට බව පවසමින් මෙම කැණීම් සිදුවන ගම්මු පවසති.
මෙලෙස එක්රැස් කරගෙන ඇති වැලි පිට ප්‍රදේශ වලට අලෙවි කිරීමට සුදානමක් ඇති බවත් එසේ වුවහොත් දැඩි වෙහෙසක් යොදමින් වසර 50 කට පමණ පසු සකසා ගෙන ඇති මාර්ගය ද වැලි ප්‍රවාහනය නිසා නැවත අබලන් වනු ඇති බව විරෝධතාකරුවෝ පවසති.
මේ සමගම මේ කටයුත්ත සදහා රාජ්‍ය ආයතන රැසක විරෝධතාවය නොතකා සිදුකරමින් සිටින බවත් දැනට සිදුකරන කැණිමට පළාත් වාරිමාර්ග දෙපාර්තුමේන්තුව පමණක් අවසර ලබා දී ඇති බව කියයි.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.