IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


යතුරුපැදි-ලොරි අනතුරින් එකම පවුලේ 3ක් රෝහලේ


 
(ශාන්ත චන්ද්‍රසිරි)

නුවරඑළිය- උඩුපුස්සැල්ලාව මාර්ගයේ සිටි හන්දිය ප්‍රදේශයේදි ඩබල් කැබ් ලොරි රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ වැදී සිදුවු අනතුරකින් එකම පවුලේ පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ඊයේ (17) සවස සිදු වු මෙම අනතුරින් යතුරු පැදියේ ගමන් ගත් එකම පවුලේ පියා හා පුතුන් දෙදෙනෙකු මෙසේ තුවාල ලබා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කොට ඇති අතර ඉන් බරපතල තුවාල ලැබු හය හැවිරිදි කුඩා ළමයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට මාරු කොට යවා තිබේ.

යතුරු පැදියේ ගමන් ගත් පියා හා එක් ළමයෙකු ආරක්ෂිත හෙල්මට් පැළැද සිට ඇති බවත් හෙල්මට් පැළැද නොසිටි හය හැවිරිදි කුඩා ළමයාගේ හිසට මෙසේ බරපතල තුවාල සිදුව ඇතැයි පොලීසිය පවසයි.

මෙසේ ආරක්ෂිත හෙල්මට් නොදමා අනාරක්ෂිත ලෙස යතුරු පැදියේ කුඩා ළමයෙකු රැගෙන ගොස් බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන්  යතුරු පැදිය පැදවු පියාට එරෙහිව නඩු පැවරීමටද නියමිතය.



අදහස් (0)

යතුරුපැදි-ලොරි අනතුරින් එකම පවුලේ 3ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 187 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site