(සනත් ගමගේ)
හම්බන්තොට මහ රෝහලේ බාහිර රෝගී ප්‍රතිකාර ඒකකය (ඕ.පි.ඩී) වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අද(03) වසා දැමීම හේතුවෙන් තමන් අපහසුතාවට පත්ව ඇතැයි රෝගීහු පවසති.
බාහිර රෝගී අංශයේ වෛද්‍යවරියක් රෝහලේම වෙනත් ස්ථානයකට ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂවරයාට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස අද(03) රෝහලේ බාහිර රෝගී අංශය වසා දමා රෝගීන්ට ප්‍රතිකාර නොකළ බව හම්බන්තොට මහ රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් දුමිදු කොඩිතුවක්කු මහතා කීය.
රෝහල් අධ්‍යක්ෂවරයා මේ සඳහා යහපත් ක්‍රියාමාර්ගයක් නොදක්වන්නේ නම් හෙට(04) දිනයේ දී සමස්ත රෝහලේ වැඩ වර්ජනයක් දියත් කිරීමට පවා සිදුවන බවද සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් හම්බන්තොට මහ රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය රවින්ද්‍ර අබේසූරිය මහතා කියාසිටියේ බාහිර රෝගී අංශයේ සිටි වෛද්‍යවරියක් පසුගියදා රෝහලේ වෙනත් ස්ථානයට අවශ්‍යතාවය මත මාරුකර ඇති අතර, මේ මාසයේ සිට එම ස්ථානයේ සේවය කිරීමට කටයුතු කරන ලෙසට දන්වා ඇති හෙයින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට දන්වා ඇති බවයි. එම තීරනය වෘත්තිය ක්‍රියාමාර්ගයක් හෙයින් සෞඛ්‍ය අමාත්‍යංශයට මේ බව දන්වා ඇති බවයි.
මෙවැනි වෘත්තිය ක්‍රියා මාර්ගයක් ගැනීමෙන් රෝහලට බෙහෙත් ගැනීමට පැමිණි අසරණ රෝගීන් පත්ව ඇති අපහසුතාවය ගැන තමා කනගාටුවන බවද ඒ මහතා කීය. දිගින් දිගටම රෝහලේ සිදුවන වර්ජන සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශයට දන්වා යවා ඇති බවද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.
2025 නොවැම්බර් මස 17
61
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
897
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2523
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
හම්බන්තොට රෝහලේ බාහිර රෝගී ඒකකයේ වෛද්‍යවරු වර්ජනයක