
(පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල පළාත් මහ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතාගේ සහ කුරුණෑගල මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයාගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත කුරුණෑගල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වසන හිමි නමක අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගෙන සිටින හිමියන් තවත් හිමි නමක සමඟ කුරුණෑගල පළාත් මහ රෝහලේ ප්‍රතිකාර සේවාවක් ලබා ගැනීම සඳහා ගොස් සිටියදී වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් නොසැලකිලිමත් ලෙස ප්‍රතිකාර ලබා දුන් බවට එල්ල වන චෝදනාවක් මෙම සිද්ධියට මූලික වී ඇති බව පොලීසිය සඳහන් කරයි.
එම චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිමිනම විසින් කුරුණෑගල පළාත් මහ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතාට පැමිණිලි කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට ඒ මහතා පියවර ගෙන ඇත.
එසේ කටයුතු කරමින් සිටියදී මෙම හිමිනම තමන්ටත් තම කාර්ය මණ්ඩලයටත් අපහාස වන ආකාරයට විවිධ වීඩියෝ සකස් කර මුහුණු පොතට මුදා හැර ඇති බව සඳහන් කරමින් වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා කුරුණෑගල මූලස්ථාන පොලීසියට පැමිණිලි කර ඇත.
එම පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේදී සැකකාර හිමියන් කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේරාජකාරියටද බාධා වන හැසිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර හිමි නම අද (14) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවතිබුණි.
කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරි මහතාගේ උපදෙස් අනුව වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජකාරියට බාධාකළ හිමිනම අත්අඩංගුවට