රොමේෂ් මධුෂංඛ
වවුනියාව කූමාන්කුලම් ප්‍රදේශයේ ගෙවත්තක තිබූ ළිඳකින් මවකගේ සහ සිව් හැවිරිදි බිළිඳකුගේ මළ සිරුරු අද (15) හමුවූ බව වවුනියාව පොලීසිය පවසයි.
අද උදෑසන නිවසේ ස්වාමිපුරුෂයා රැකියාව සඳහා නිවසෙන් බැහැරව ගොස් ඇති අතර පසුව අසල්වැසි කාන්තාවක් විසින් නිවසේ කිසිවෙකුගේ ශබ්දයක් නොමැති කමින් පරික්ෂා කිරීමේදී අසල පිහිටි ළිඳේ මළ සිරුරු දෙකක් දැක එම අවස්ථාවේදී වව්නියාව පොලීසියට දැනුම් දී ඇත.
වව්නියාව පොලීසිය විසින් අදාළ ස්ථානයට පැමිණ සිදු කරන ලද පරික්ෂණ වලදී හෙළි වී ඇත්තේ අදාළ නිවසේ පදිංචිව සිටි 33 හැවිරිදි මයුරන් රාජිනි නැමති මව සහ අවුරුදු 4 ක් වයසැති මයුරන් සස්වින් නැමති අය මිය ගොස් ඇති බවයි.
මිය ගොස් ඇති අය සියදිවි හානි කර ගෙන ඇත්තේද නැති නම් ඝාතනය කර ඇත්තේද යන්න පිළිබඳව මේ වන විට වවුනියාව පොලීසිය පරික්ෂණ සිදු කරන අතර මළ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණයක් සඳහා වවුනියාව මහරෝලේ තැන්පත් කර ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd