IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සන්නිවේදන කුලුනුවල බැටරි සොරාගත් අයෙකු අල්ලයි

(ආනන්ද ඉ ජයකොඩි)

සන්නිවේදන කුළුණු වල සවි කොට ඇති රුපියල් ලක්ෂ ගණනක් වටිනා බැටරි මහ රෑ හොරෙන් ගලවා ගෙන ගොස් ඇති බැටරි සොරෙකු අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව  වීරගුල පොලීසිය අද(07) උදෑසන පැවසීය.

මීවල සන්නිවේදන කුළුණේ සවිකොට තිබූ බැටරි හතරක් සොරා ගෙන යාම පිළිබඳව මූලික පරීක්ෂණ පවත්වා ගෙන යද්දී ලද තොරතුරකට අනුව පස්යාල ප්‍රදේශයේ නිවසක් සෝදිසි කළ අවස්ථාවේ  සොරා ගෙන ගොස් තිබූ බැටරියක් සමග සැකකාර හොරා අත් අඩංගුවට ගත් බවද පොලීසිය කීය.

මොහු කාලයක්  කොන්ත්‍රාත් පදනම යටතේ සන්නිවේදන කුළුණු අලුත් වැඩියා කළ අයෙකු බවත්, එම කාලයේ සන්නිවේදන කුළුණු වල බැටරි තැන්පත් කොට ඇති ආරක්ෂක පෙට්ටිවලට අදාල යතුරු නමයක් සොරා ගෙන තිබූ බවත් එම යතුරු උපයෝගී කර ගෙන බැටරි සොරා ගෙන යාම් සිදු කරන බව ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත.

මොහු තවත් පුද්ගලයෙකු සමග එක්ව දිවයිනේ  විවිධ ප්‍රදේශවල සන්නිවේදන කුළුණු දහයක බැටරි සොරා ගෙන යාම් පිළිබඳව තොරතුරු හෙළි වී ඇති බවත් එම බැටරි සැගවී  සිටින  පුද්ගලයා විකුණා ඇති හෙයින් ඔහු අත් අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යන බවද පොලීසිය කීය.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික සිල්වා හා ගම්පහ සහකාර පොලිස් අධිකාරි (2) පී ජේ අතුකෝරල යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි වීරගුල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී බී ඇස් කල්‍යාණතුංග මහතාගේ මෙහෙයවීම යටතේ එහි පොලිස් සැරයන් නිශාන්ත (15427), පොලිස් කොස්තාපල් වරුන් වන යාපා(88691), නිලංක(33577), සේනාධීර (93493) හා පද්මසිරි (95364) යන මහත්වරු වැටලීමට සහභාගි වූහ.

 



අදහස් (0)

සන්නිවේදන කුලුනුවල බැටරි සොරාගත් අයෙකු අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site