විල්පත්තු මායිමේ පිහිටි ඓතිහාසික තන්තිරිමලේ ලංකාදීප ආලෝක පූජාව 12 වැනි වරටත් ජුනි පළමු වැනි දා සහ දෙවැනි දා පැවැත්වේ.
ක්‍රිස්තු පූර්ව 543 සඟමිත් තෙරණිය උතුරේ දඹකොල පටුනේ සිට මල්වතු ඔය ඔස්සේ අනුරාධපුරය දක්වා ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩමවාගෙන එද්දී එවකට තිවක්ක බමුණුගම නමින් හැඳින්වූ තංතිරිමලේ ගල් තලාවේ රැය පහන් කළ බව ඉතිහාසය කියයි.
තන්තිරිමලේ චන්දරතන තන්තිරිමලේ රාජ මහා විහාරාධිපති නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සීමා සහිත විජය පුවත්පත් සමාගම මේ ආලෝක පූජාව පවත්වයි.
හිටපු ඇමැතිවරයකු වූ සිරිල් මැතිව් මහතා මහ වන මැද පිහිටි මෙම පුද බිම පූජා භූමියක් බවට පත් කළේය. අපවත්වී වදාළ කුඩාකෝංගස්කඩ විමලඥාන නාහිමියන් 1960 දී මැදවච්චියේ සිට ගැමියන් පිරිසක් ද සමඟ පැමිණ වල් බිහි වී තිබූ මෙම පුදබිම සොයා ගත්තේය.
විහාරස්ථානය ගොඩ නැගී ඇත්තේ අක්කර 250ක මහා ගල්තලාවක් මැදය. අඩි 45ක් දිග ශෛලමය සැතපෙන පිළිමයක් ද, අඩි අටක් උස සමාධි පිළිමයක් ද, පොත් ගුලක්, පධානඝරයක්ද, භාවනා කුටි, ප්‍රාග් ඓතිහාසික යුගයේ බව කියන ලෙන් සිතුවම් ද එහි ඇත.
අනුරාධපුර තිසාවැව අසල සිට ඇලයාපත්තුව ඔස්සේ මහ විලච්චිය ගමට ළඟා වීමේදී තන්තිරිමලේ පුද බිම හමුවේ. අනුරාධපුරයේ සිට දුර කිලෝ මීටර 45කි.
(ඡායාරූප අතුල බණ්ඩාර)
(පුස්තකාල ඡායාරූප දෙකකි)
2025 දෙසැම්බර් මස 30
116
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තන්තිරිමලේ ආලෝක පූජාව ජුනි 01,02
බණ්ඩාර කුවේට් Sunday, 24 May 2015 03:36 PM
මා උපන් ජීවත්වෙන පින් බිම සාදු සාදු (නදී)
උපුල් Sunday, 24 May 2015 04:04 PM
පොසොන් එකට එන්න.තන්තිරිමලේ වඳින්න බලන්න වගේම විඳින්න වටිනා තැනක්. තන්තිරිමලේ ගැන මුළු ලෝකෙම දැනගත්තේ මුලින්ම ලංකාදීප පත්තරෙන් (නි)
සම්පත් Thursday, 28 May 2015 02:20 AM
සියල්ලෝම පැමිනෙත්වා(නදී)
වසන්ත Sunday, 24 May 2015 09:50 PM
සාධු සාධු සාධු!!! (නි)
කුමාර Wednesday, 27 May 2015 04:16 PM
සාධු, සාධු, සාධු.(හේ)
මොවින්ද Monday, 25 May 2015 03:57 AM
සාධු සාධු !!! මෙ පින් බලෙන් සියල්ලොම සුවපත් වේවා (ම)