(දිනේෂ් උපේන්ද්‍ර)
ඥාති වැඩිහිටි පුද්ගලයින් තිදෙනෙකු අවස්ථා කිහිපයකදී වයස අවුරුදු 7ක බාලවයස්කාර දැරියක් වරින් වර අපයෝජනය කළ බව කියන සිද්ධියක සැකකරුවන් තිදෙනාම එකවර අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවෝ වයස අවුරුදු 48, 52 හා 54 වියේ පසුවන්නන් වන අතර කුලියාපිටිය නින්දෙවෙල යාය හා දංකොටුව ප‍්‍රදේශයේ පදිංචිකරුවෝ ද වෙති.
අධික මත්ලෝලීන් වූ සැකකරුවන් සමීපයේ පිහිටා තිබූ නිවෙස්වලට දැරිය කැඳවාගෙන ගොස් හා දැරියගේ නිවසට පැමිණ අපයෝජනය කර ඇති බව සිදුකළ මූලික පොලිස් පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ.
දැරියගේ මව විදෙස්ගතව පසුවන අතර මේවන විට දැරිය තෙවැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටීයි.
පොලිසිය ලද තොරතුරකට අනුව වහා ක‍්‍රියාත්මක වූ පොලිසිය ගොස් දැරිය සිය බාරයට ගෙන කළ ප‍්‍රශ්න කිරීම් වලදී සියල්ල පවසා සිටීමෙන් පසුව සැකකරුවන් අත්අඩංගුවට ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අප්‍රේල් 8 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජනනි එස් විජේතුංග මහත්මිය නියෝග කළාය.
COMMENTS
මොන ශාපයක්ද මේ අපේ රටට වෙලා තියෙන්නේ? ලෝකෙන් උතුම් රට කියලා උදම් අනනවා. උදේ හවස බණ පිරිත් අහනවා. ඒත් කරන තරමක් තිරිසන් වැඩමයි කරන්නේ. මෙහෙම රටක ඉපදෙන එකත් පවක්.
ඊයෙත් මේ වගේම ප්‍රවෘත්තියක් තිබුනා. අවරුදු හතක මල් කැකුලක් තලලා දාන්න හිත පිත් නැද්ද? මේවට නඩු අහලා හිරේ දානකොට තව අවුරුදු විස්සක්වත් යයි. වෙන රටවල්නම් මේ වගේ සිද්ධි විශේෂ නඩු කටයුතු ලෙස සලකලා ඉක්මනින් නඩු අහලා දඩුවම් දෙනවා. මේ වගේ කුඩා දරුවන් අපයෝජනය කරන පුද්ගලයන් සමාජයට අනතුරුදායක අය සේ සලකා ඔවුන් පුර්ණ බෙලහීනයන් බවට පත්කරන ඖෂධ ලබා දෙනවා. අපේ රටෙත් එවැනි දඩුවම් නොදුන්නොත් මෙවැනි අපරාධ වලක්වාගත නොහැකියි.
හුඟක් ඉස්සර.... කුලියාපිටියේ හිටියා හොඳ මිනිස්සු..
මහ ලොකු බෞද්ධ රට, පිරිහිලා තියෙන තරම!